මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර මහජන පොළ ප්‍රතිසංවර්ධනය කෙරේ

    නොවැම්බර් 09, 2014
    අනුරාධපුර මහජන පොළ පහසුකම් සහිත ව සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 182ක් වෙන් කොට ඇත.
     
    ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන අතර සංවර්ධනය කිරීමෙන් අනතුරුව අනුරාධපුර මහ නගර සභාව විසින් නඩත්තු කටයුතු සිදු කෙරෙනු ඇත.
     
    හෙක්ටයාර 1.19ක භූමි ප්‍රමාණයේ තනි වහලයක් සහිත වර්ග මීටර 4700ක ගොඩනැගිල්ලක් තුළ පොළ ආවරණ 04ක් ඉදිරිකර වෙළෙඳුන් 1000කට පහසුකම් ලබාදීමට අපේක්ෂා කෙරේ. 
     
    වර්තමානයේ සතියකට දින 02ක් පමණ පවත්වනු ලබන මහජන පොළෙන් වෙළෙඳුන් 1000ක් සහ පාරිභෝගිකයන් 20,000ක් පමණ සේවා ලබාගැනීමට පැමිණෙති.
     
    උතුරු මැද පළාත් ව්‍යුහ සැලැස්මේ අධි නාගරික කලාපයට අයත් නගරයක් ලෙස හඳුනාගෙන ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුරාධපුර නගරය සඳහා සකස් කරන ලද සංවර්ධන සැලැස්මට අනුව 2006 - 2016 අනුරාධපුර මහ නගර සභාව සතු භූමිය මේ සඳහා තෝරාගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya