මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල්ගොල්ලේ ඉදිකළ ශ්‍රවණාගාරය ජනපති අතින් විවෘත කිරීම නොවැ: 13

    නොවැම්බර් 06, 2014

    මහනුවර, පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනය තුළ ඉදිකළ ආසන 1,200කින් සමන්විත අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය ලබන 13 වැනි දින ප.ව. 6.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.


    රුපියල් මිලියන 400ක් වැය කොට ඉදිකරනු ලැබ ඇති මෙම ශ්‍රවණාගාරය රංගශාලාවක් ලෙස ද භාවිත කිරීමට යෝග්‍ය වන පරිදි නිර්මාණය කොට තිබේ.

    සම්පූර්ණයෙන් ම වායුසමනය කොට ඇති මෙම ප්‍රධාන ශ්‍රවාණාගාරයට අමතර ව මෙම ගොඩනැගිල්ල තුළ කුඩා ප්‍රමාණයේ ශ්‍රවණාගාර කිහිපයක්, භෝජනාගාරයක්, නළු නිළියන් වෙස් ගැන්වීම සඳහා අවශ්‍ය ස්ථාන සහ නූතන ශ්‍රවණාගාරයක් තුළ තිබිය යුතු සියලු ම අංගෝපාංගවලින් සමන්විත වේ. වේදිකා නාට්‍ය ඇතුළු විවිධ ප්‍රාසාංගික කටයුතු සඳහා ද භාවිත කළ හැකි පරිදි නිමවා ඇති මෙම ශ්‍රවණාගාරය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සකස් කළ වේදිකාවක්ද වේ. නූතන ශ්‍රව්‍ය දෘශ්‍ය මෙවලම් ද සවිකොට ඉදිකර ඇති මෙම ශ්‍රවණාගාරය මහනුවර දිස්ත්‍රික්කයේ මෙතෙක් ඉදි වී ඇති විශාල ම සහ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය ලෙස හැඳින්විය හැකිය.

    සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිතුමන් විසින් විවෘත කරනු ලබන මෙම ශ්‍රවණාගාරය සමූපකාර සේවයේ සහ රාජ්‍ය සේවයේ කටයුතු සඳහා විශේෂ වට්ටම් මිල ගණන් ය‍ටතේ ත් රාජ්‍ය නොවන ආයතනවලට සහනදායි මිල ගණන් යටතේ ත් ඉදිරියේදී ලබා ගත හැකි වනු ඇත.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya