මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොත්මලේට ළමා හා කාන්තා කාර්යංශයක්

    නොවැම්බර් 03, 2014

    කොත්මලේ පොලිස් ස්ථානයට අනුබද්ධිත ව ඉදිවන ළමා හා කාන්තා කාර්යංශයකට මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි.


    නුවරඑළිය දිස්ත්‍රික් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඒකකය, මෙම වැඩසටහනට සම්බන්ධීකරණ දායකත්වය සපය යි. 2014 විශේෂ අයවැය යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සහ කාන්තා හිංසන වැළැක්වීම සඳහා ලබා දෙන ලද රුපියල් මිලියන 700ක මුදල් ප්‍රතිපාදන යටතේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ මෙවැනි විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක ය.

     

    ඒ අනුව දිවයින පුරා තෝරාගත් පොලිස් ස්ථාන 25ක පොලිස් හා ළමා කාන්තා කාර්යංශ ස්ථාපිත කිරීම සිදු වේ. ඒ අනුව එක් ගොඩනැල්ලක් සඳහා ඇස්තමේන්තුගත කොට ඇති මුදල රුපියල් මිලියන 5ක් වන අතර දෙසැම්බර් අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත ය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා සුරක්ෂිතභාවය වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් 2014 වසර පුරා ම ක්‍රියාත්මක විය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන් කාර්යක්ෂම ව හා ක්‍රමවත් ව ක්‍රියාත්මක වේ.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya