මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෑත ඉතිහාසයේ වැඩි ම මුදලක් අධ්‍යාපනයට

    නොවැම්බර් 03, 2014
    ගුරු ගැටලු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙමින් මෑත ඉතිහාසයේ වැඩි ම මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරනු ලැබුවේ මෙවර අයවැයෙන් බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල, බටපොත, ශ්‍රී සුදර්ශන විද්‍යාලයේ 59 වන වර්ෂ පූර්ණය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ නව බුදු මැදුර විවෘත කිරීම වෙනුවෙන් පසුගියදා එම විද්‍යාලයේ පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “බොහෝ පහසුකම්වලින් පිරුණු ඇතැම් පාසල් හොඳ දරුවන් රටට බිහිකරන්න එතරම් සාර්ථකත්වයක් පෙන්වන්නේ නැති අවස්ථාවන් තියෙනවා. නමුත් බොහෝ පහසුකම් අඩු පාසල් ඉතා කැපවීමෙන්, දරුවන් පිළිබඳ සොයා බලමින්, වෙහෙසෙමින් දරුවන් පසු පස හඹා යමින් ඉතා ඉහළ ගුණ යහපත්කම්වලින් යුත් රටවැසියන් නිර්මාණය කරන්න දායක වෙනවා.  පාසලක දියුණුව නැත්නම් ප්‍රගතිය මනින එක ම නිර්ණායකය මතුපිටින් පෙනෙන ගොඩනැගිලි නොවන බව අප කවුරුත් දන්නවා. ඊට වඩා වැදගත් වන්නේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා පාසල්වල අවම පහසුකම් ඇති ව වුව ද දරු පරපුර වඩාත් බුද්ධිමත් දරු පරපුරක් බවට පරිවර්තනය කරන්න මොන තරම් මහන්සියක් දරනවාද කියන කාරණය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය පාසල් අධ්‍යාපනය වෙනුවෙන් අතිවිශාල ආයෝජනයක් සිදුකර තිබෙනවා. 
     
    මේ වසරේ පමණක් කඩුවෙල සංවර්ධන කමිටුව හරහා අපට ලබාදී තිබූ රුපියල් මිලියන 1500ක ප්‍රතිපාදන මුදලක්  කඩුවෙල පාසල් 34ක සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවනු ලැබුවා. විදුහල්පතිතුමා අපට සඳහන් කළ පරිදි මෙම පාසලේ අඩුපාඩු රැසක් තිබුණා. මෙම පාසල ඇතුළු ව තවත් අඩු පහසුකම් සහිත පාසල් 34ක කාලයක් තිස්සේ තිබුණු අඩුපාඩු රැසක් සම්පූර්ණකර දෙන්න එම රුපියල් මිලියන 1500ක ප්‍රතිපාදන මුදල යෙදෙව්වා.
     
    පාසල් පොදු පහසුකම් සංවර්ධනය කිරීමට රටේ සෑම ප්‍රාදේශීය  සංවර්ධන කමිටුවකටම මේ ආකාරයේ මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල ඉදිරි පිම්මක් පනිමින් සිටින කාලපරිච්ඡේදයක්. පාසල් 1000ක මහින්දෝදය තාක්ෂණාගාර 1000ක් ඉදිකිරීම අද අවසන් වෙමින් පවතිනවා. තාක්ෂණ විෂය අලුතින් උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන්ට හදුන්වාදී තියෙනවා.  එම විෂය ඔස්සේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන දරු  පරපුරක් නිර්මාණය වෙමින්  පවතිනවා.  ඒ වගේම අධ්‍යාපනයෙන් එළියට යන දරුවන් වෙනුවෙන් කාර්මික දැනුම ලබාදීමට කාර්මික විද්‍යායතන 25ක් හා කාර්මික විශ්විද්‍යාල විද්‍යායතන 10ක් රට පුරාම ඉදිවෙමින් පවතිනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින් එළියට හැළෙන දරුවන් කාර්මික ඥානය සහිත දරු පරපුරක් බවට පරිවර්තනය  කරන්න මූලික පදනම හා ශක්තිය අද විද්‍යායතන බවට පරිවර්ථනය වෙනවා. පුහුණු නිපුණතාවක් සහිත මානව සම්පතක් මේ රටේ ඇති කළ යුතුයි. මනුස්සකමින් පිරුණු මිනිසුන් වගේම නිපුණතාවන්ගෙන් පරිපූර්ණ මානව සම්පතක් ඇති කළ යුතු වෙනවා. විෂය දැනුමෙන් පමණක් එය මනින්න බැහැ. අපි දරුවන්ගේ නිපුණතාවන්ට අවශ්‍ය පරිසරය  නිර්මාණයකර දිය  යුතුයි. එවිට ඔවුන් ඔවුන්ගේ දක්ෂතාවන් පෙන්වාවි.  ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල විද්‍යායතන 10ක් හා කාර්මික විද්‍යායතන 25 වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදුකළේ, මේ රටේ දරු පරපුරට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න.
     
    ගුරුවරුන් බුද්ධිමත් පිරිසක් බවට පත්වන්නේ නැත්නම්, ගුරුවරුන් මුහුණදී තිබෙන ගැටලුවලට පිළියම් ලැබෙන්නේ නැත්නම් තමුන්නාන්සේලා දන්නවා අධ්‍යාපන ක්ෂේත්‍රය සාර්ථක වන්නේ නැහැ. විශේෂයෙන්ම  ගුරු සේවා ව්‍යාපාරයේ  පැවති ගැටලු, ඒ වගේ ම ඔවුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න ආදී වශයෙන් ගුරු වෘත්තියේ කාලයක් තිස්සේ ගොඩගැහිලා තිබුණු ප්‍රශ්න සම්භාරයක් තියෙනවා. ඒවා විසඳන බලවත් පියවරක් මෙවර අය-වැයේදී ඉදිරිපත් වුණා. ගුරු වෘත්තිය ඇතුළු අනෙකුත් සෑම රාජ්‍ය සේවකයෙකුගේ ම විවිධ දීමනා වැටුපට එල්ලලා තිබුණා. එහි විශේෂ දීමනා මූලික වැටුපට එකතු කරලා, ඔවුන්ගේ මූලික වැටුප ඉහළ නංවලා තියෙනවා. එමඟින් විශ්‍රාම වැටුපත් ඉහළ නංවලා, ජීවන වියදම් දීමනාවත් ඉහළ නංවලා තියෙනවා. අතිරේක මුදලක් මෙවර අයවැයෙන් ලබාදීලා මූලික වැටුප ගැන තිබුණු දැවැන්ත අසහනයත් දුරුකරලා දැවැන්ත පියවරක් තබා තිබෙනවා. මෑත ඉතිහාසයේ වැඩි ම මුදලක් අධ්‍යපානයට වෙන් කරපු  අයවැය මෙවර අයවැය. හරියට බැලුවොත් කාර්මික අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට සහ අධ්‍යාපනය වෙනුවෙන් කෙළින් ම වෙන්කරලා තිබෙන අගයයි  සියල්ල එකතු කරලා බැලුවොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා.   
     
    වඩා වඩාත් හොඳ  මානව සම්පතක් අනාගතයේදී  බිහිකරන්න කටයුතු කර තිබෙන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා නිපුණතාවන්ගෙන්  පිරුණු මානව සම්පතක් නිර්මාණය කිරීමටත් ඊට අවශ්‍ය කෙරෙන, අධ්‍යාපන සේවයේ තිබුණු සියලු පුරප්පාඩු පුරවන්න, අධ්‍යාපන සේවයේ තිබුණු සියලු අඩු පාඩු මකන්න පියවර ගෙන තිබෙන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya