නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම හය වන අදියර යටතේ කුරුණෑගල පැළ 1,851,000ක් රෝපණය කෙරේ

    ඔක්තෝබර් 29, 2014

    දිවි නැගුම හය වන අදියර යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැළ 1,851,000ක් රෝපණය කළ යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පවසයි.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමට එක් වෙමිනි.


    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1610 තුළ ගෙවතු 161,000 ඇති කිරීම සඳහා පැළ බෙදාදීම් සිදු කර ඇත. මේ යටතේ එක් ගෙවත්තකට 01 බැගින් පොල් පැළ 161,000ක් ද තෝරාගත් ගෙවතු සඳහා අපනයන භෝග පැළ 80000ක් ද එක් ගෙවත්තකට පළතුරු පැළ 01 බැගින් පළතුරු පැළ 161,000ක් ද එක් ගෙවත්තකට එළවළු පැළ 09 බැගින් එළවළු පැළ 1,449,000ක් ද මේ යටතේ රෝපණය කළ යුතු බවත් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරු මේ පිළිබඳ ව සොයා බලා බෙදා දීමට අඩුපාඩු වූ පැළ වර්ග ඇත්නම් ලබාදීමට කටයුතු කරන ලෙසත් එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ECB/AK_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya