මඩකළපු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය යටතේ සේවක සංගම් 10ක් පමණ මෙම සාකච්ඡාවට එක් වූහ.
‘දිනූ නිදහස සුරකිමු-අපේ අයිතිය රැකගමු‘ මෙම සාකච්ඡාවේ තේමාව විය.
පුරා වසර 08ක් වෘත්තීය සමිතිවලට ගරු කළ, ජාති ආගම් පළාත් බේද නොසලකා පොදු ජන නායකත්වයක් දෙමින් රට සංවර්ධනයේ මාවත වෙත යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මෙවර ජනාධිපතිවරණයේ දී ද සහය පළ කිරීම යුතුකමක් බව මඩකළපු දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රාජන් මයිල්වාගනම් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මහ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් සේවක සංගමයේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් රංජිත් හෙට්ටිආරච්චි යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.
SDF