නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අනාගතය ශක්තිමත් තරුණ පරපුරකට භාර දීම අපේ අරමුණයි

    ඔක්තෝබර් 28, 2014

    තරුණයන්ට නිසි තැන ලබා දීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑම අවස්ථාවක ම ක‍්‍රියා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මාතර, වැලිගම නගර ශාලාවේ පැවති තරුණ හමුවකට සහභාගී වෙමිනි.

    වර්තමානයේ දී තරුණ පරපුරට නිදහසේ කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබේ. එවන් වටපිටාවක් තුළ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා රැසක් තරුණයන් වෙනුවෙන් විවර වී ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ සෑම උපාධිධාරියෙකුට ම රැකියා ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කළේය. විපක්ෂය බලය සිටි කාලයේ රජයේ රැකියා කප්පාදු කරමින් රාජ්‍ය සේවක සංඛ්‍යාව පහළ මට්ටමකට ගෙන යාමට කටයුතු කළ ද වත්මන් රජය රාජ්‍ය අංශයේ රැකියා සඳහා තරුණ තරුණියන් රැසකට අවස්ථාව ලබා දුන්නේය. රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ 6 සිට ලක්ෂ 14 දක්වා ඉහළ නංවමින් රාජ්‍ය සේවය පුළුල් කළේය. වර්තමානයේ දී සෑම රජයේ කාර්යාලයක ම දක්නට ලැබෙන්නේ වැඩි වශයෙන් තරුණ මුහුණුය. සුදුසුකම් සම්පූර්ණ කරන ලද තරුණ තරුණියන්ට රජයේ රැකියා මෙන් ම පෞද්ගලික අංශයේ ද රැකියා අවස්ථා රාශියක් ලැබී තිබෙන බව ඔහු කීය.

    කිසිවකුට රැකියා වියුක්තිය පිළිබඳ ව චෝදනා එල්ල කිරීමට නොහැකි ආකාරයෙන් රටේ රැකියා අවස්ථා විවෘත කර දුන්නේ වත්මන් රජයයි. එදා විපක්ෂය තරුණ පරපුර වෙනුවෙන් කිසිදු වරප‍්‍රසාදයක් ලබා දුන්නේ නැත. රැකියා ඉල්ලූ තරුණ තරුණියන්ට පිළිතුරු දුන්නේ භීෂණයෙනි. රටේ අනාගතය තරුණ පරපුර වෙත භාර කිරීමට විපක්ෂය කැමති වූවේ නැත. මර්දනකාරී ක‍්‍රියාපිළිවෙතක් අනුගමනය කළ නිසා තරුණ අසහනය වැඩි වූවා මිස අඩු වූවේ නැත. නමුත් වත්මන් රජය බලයට පත්වූ විගස තරුණ ගැටලුවලට විසඳුම් ලබා දීමට ක‍්‍රියා කළේය. රටේ අනාගතය ශක්තිමත් තරුණ පරපුරක් වෙත දායාද කිරීමේ පසුබිම නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. අතිගරු ජනාධිපතිතුමා ක‍්‍රියාවට නංවන සංවර්ධන වැඩපිළිවෙ‍ළෙහි ඵලප‍්‍රයෝජන ලබන්නේ අනාගත තරුණ පරපුරයි. තරුණ හදවත්හි හැඟීම් අවබෝධ කර ගත් නායකයෙක් ලෙස තරුණයන් වෙනුවෙන් ලබා දිය යුතු සෑම වරප‍්‍රසාදයක්ම ලබා දීමට කටයුතු කළ බව ද ඔහු කීය.

    රටේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට දේශීය මෙන් ම විදේශීය බලවේග ද ක‍්‍රියාත්මක වන මොහොතක රටේ ශක්තිය අඩපණ කිරීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. ඒ සඳහා රටේ නායකත්වයට අවශ්‍ය ශක්තිය ලබාදීම තරුණ ප‍්‍රජාවගේ යුතුකමයි. දේශීය හෝ විදේශීය බලවේග හමුවේ පරාජය කළ නොහැකි ශක්තිමත් නායකත්වයක් අප සතුව තිබෙන තාක්කල් රටේ අනාගතය ස්ථාවර බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya