2013 වසරේ දී අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ 05ක් හෝ ඊට වැඩි ඉහළ සමාර්ථ ලබාගත් කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම අද (28) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 22ක් තෝරාගෙන ඇත.
ඒ අනුව එක් සිසුවෙක් සඳහා රුපියල් 3000 බැගින් වු ශිෂ්‍යත්වයක් උසස් පෙළ විභාගය අවසන් වන තුරු ලබාදීම සිදු කෙරේ.
DB