නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු ගම්මානයේ මුල් අදියර අරඹයි

    ඔක්තෝබර් 27, 2014

    සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ගේ ඉල්ලීම පරිදි හැටන් නැෂනල් බැංකුව ආනමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ රණ විරු ගම්මානයක් ඇරඹීම සඳහා කටයුතු යොදා ඇත.


    එහි මුල් අදියර පසුගියදා ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන් රුපියල් මිලියන 5ක පමණ මුදලක් යොදවා නිවාස ව්‍යාපෘතිය අරඹන අතර දෙවන අදියර පසුව ආරම්භ කරයි.


    මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සිවිල් ගුවන් සේවා අමාත්‍ය උපදේශක හා ජයරත්න පදනමේ අධ්‍යක්ෂ ධම්මික ආටිගල මහතා ප්‍රථම පස්පිඩැල්ල කපා  ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.


    මෙම අවස්ථාව සඳහා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් හෙන්නායක, ජ්‍යෙෂ්ඨ කළමනාකරු නොමල් ලියනගේ, හිටපු සාමාන්‍යාධිකාරි ජෙයරාජා චන්ද්‍රසේකර, හිටපු ජ්‍යෙෂ්ඨ  කළමනාකාර ඉන්ද්‍රජිත් බදුගේ, හැටන් නැෂනල් බැංකුවේ ආනමඩුව ශාඛාවේ කළමනාකරු ජනක දීපාල්, ව්‍යාපෘති නිලධාරිනි චන්දිමා මදුරප්පෙරුම හා ආනමඩු ප්‍රාදේශීය ලේකම් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.




    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya