නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරියකුලම් “ජන සෙවණ විරු ගම්මානය ” අද ජනතා අයිතියට

    ඔක්තෝබර් 25, 2014

    නිවාස 81කින් සමන්විත ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ පෙරියකුලම් ජන සෙවණ විරු ගම්මානය ජනතා අයිතියට පත් කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින සිදු කෙරේ.


    “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ‘‘ජන සෙවණ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව පෙරියකුලම් ජන සෙවණ විරු ගම්මානයේ ඉදිකිරීම් කටයුතු මෙහෙයවනු ලැබුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසිනි. පෙරියකුලම් විරු ගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 37.8ක මුදලක් වැය කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟිනි. ඊට අමතරව ජලය, විදුලිය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 12.35කට අධික මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැය කරන ලදී.  නිවාසලාභීන් විසින් ද රුපියල් මිලියන 35කට අධික මුදලක් නිවාස ඉදිකිරීම සඳහා වැය කරන ලදී. නිවාස ඉදිකිරීම සඳහා ත්‍රීකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ඉඩම් නොමිලේ ලබා දී තිබේ.

    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අබ්දුල් මජීඩ් යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya