මැයි 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර කැකිරාව “විජේපුර” ජන සෙවණ විරු ගම්මානය හෙට ජනතා අයිතියට

    ඔක්තෝබර් 25, 2014

    අනුරාධපුර, කැකිරාව, වේදෙනිගම “විජේපුර”  ජන සෙවණ විරු ගම්මානය ජනතා අයිතියට පත්කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල්  වීරවංශ  මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පෙ.ව. 9.30ට කැකිරාව, වේදෙනිගමදී සිදුකිරීමට නියමිතයි.


    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජන සෙවණ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “ විරු ගම්මාන ” වැඩසටහන යටතේ මෙම නිවාස ගම්මානය ඉදිකෙරේ.

    මෙහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 52කි. ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැයකර ඇති මුදල රුපියල් මිලියන 16.305කි. නිවාස ඉදිකිරීමට අමතරව මෙම නිවාස ව්‍යාපෘතියේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනය, බෝක්කු සෑදීම, නළ ජලය ලබාදීම, විදුලිය ලබාදීම සිදුකර ඇති අතර පොදු ළිඳක්  හා පොදු නළ ළිඳක් ද සකස් කොට දී තිබේ. ඊට අමතරව නිවාස ව්‍යාපෘතිය වටා ආරක්ෂිත අලි වැටක් ද ඉදිකර ඇත.

    පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මේ නිවාස ව්‍යාපෘතිය  ඉදිකිරීම සඳහා අක්කර 11ක ඉඩමක් ලබාදී ඇති අතර එක් නිවාස ප්‍රතිලාභියකු සඳහා පර්චස් 30ක බිම් කොටසක් ලබාදී ඇත.

    2007 වර්ෂයේ ජනවාරි 17 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී වර්ෂ 2009 ජනවාරි 25 වන දින ඕලුමඩු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගිය “ දිනේෂ් විජේන්ද්‍ර ගුණරත්න” රණ විරුවාණන් නමින් මෙම විරු ගම්මානය නම් කොට ඇත්තේ “ විජේපුර ”   යනුවෙනි.

    මෙම අවස්ථාව සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්,  උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ගමගේ වීරසේන, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා  පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා,  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන්, ප්‍රතිලාභීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya