මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් 128කට නව පත්වීම්

    ඔක්තෝබර් 18, 2014
    බදුල්ල දිස්ත්‍රික්කයේ සේවය සඳහා අලුතින් බඳවාගෙන පුහුණුව අවසන් කළ නවක ග්‍රාම නිලධාරීන් හට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 


    මෙහිදී නවක ග්‍රාම නිලධාරීන් 128 දෙනෙකු සඳහා අමාත්‍යවරයා අතින් පත්වීම් ප්‍රදානය කෙරුණු අතර, ග්‍රාම නිලධාරීන් ලෙස පුහුණුවට බඳවාගත් තරුණ තරුණියන් 39 දෙනෙකු හට පුහුණුව සඳහා බඳවාගැනීමේ ලිපි ප්‍රදානය කිරීමද සිදුවිය.

    මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා, එදා එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ ලක්ෂ 06කට සීමා කිරීමට ගිය රාජ්‍ය සේවය වත්මන් රජය යටතේ ලක්ෂ 13ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවය සීමා නොකර පුද්ගලික අංශය දියුණු කරන අතර රාජ්‍ය සේවය වැඩිදියුණු කිරීමට කටයුතු කළ බවත් පැවසීය.

    මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී එම්.පී. ලීලසේන, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් හා රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් ද සහභාගී වූහ.

    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදස් පරිදි මෙම උත්සවය සංවිධනය කෙරිණි.  

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya