රන්වල, කහටදෙනිය, කලටුවාව ජනපදය, සේද ගොවිපල, බූහලුගොල්ල, විලේකුඹුර යන
ගම්මානයන්හි පානීය ජල අවශ්‍යතා සපුරාලන මෙම ජල යෝජනා ක්‍රමය හරහා පවුල් 450කට පමණ සෙත සැලසේ.
පුරනැගුම වැඩසටහන යටතේ මේ සඳහා මුදල් ප‍්‍රතිපාදන සම්පාදනය කර ඇත.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී උපාලි ගුණරත්න, දොම්පේ ප‍්‍රාදේශීය සභා සභාපති ප‍්‍රමුඛ මන්ත‍්‍රී කණ්ඩායම ද, ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති ගාමිණි ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
DB