අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (15) ඇඹිලිපිටිය කුට්ටිගල පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසලේ පැවති නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ සිසු සිසුවියන් අමතමිනි.
70-80 දශක දක්වා ලෝකයේ හොඳ ම පිළිගැනීමක් අපේ විශ්වවිද්‍යාලවලට තිබ්බා. ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම අපේ විශ්වවිද්‍යාල තිබුණා. මුල් කාලයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයෙන් තමයි අපේ විශ්වවිද්‍යාලවලට උපාධි පිරිනැමුණේ. මෙසේ තිබුණු විශ්වවිද්‍යාල පද්ධතිය අරාජික කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයයි.
1984 සිට 2010 දක්වා ඇතිවුණු අරාජික තත්ත්වය නිසා එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විද්වතුන් ඒ අතරතුර කාලයේ බිහි වුණේ නැහැ. ඒ අඩුව දැන් හොඳට ම දැනෙනවා. එක ම විශ්වවිද්‍යාලයෙන් දකුණේ නම් සිංහල භාෂාවෙනුත් උතුරේ නම් දෙමළෙනුත් තමන්ගේ පළමු උපාධිය, පශ්චාද් සහ ආචාර්ය උපාධිය අවසන් කරලා ඒ විශ්වවිද්‍යාලයේ ම උගන්වන ආචාර්යවරුන් පිරිසක් මේ නිසා බිහි වුණා. එයින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තරමක් පහළට වැටුණා. විශ්වවිද්‍යාල පරිපාලනය උප කුලපතිවරුන්ගෙන් ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් උදුරගත් ජනතා විමුක්ති පෙරමුණත් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් මේකට වගකියන්න ඕනේ.
වේගයෙන් නැගිටින ආසියාවේ ආශ්චර්යමත් රටේ පුරවැසියන් ලෙස ඔබේ අතීත මුතුන් මිත්තන්ගේ ජාන ශක්තියෙන් නිසි ප‍්‍රයෝජන ලබාගෙන ලෝකයේ නොබෙල් ත්‍යාගලාභීන් බිහි කරන්නට අදිටන් කර ගන්න යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ගුණවර්ධන, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ, ඇඹිලිපිටිය, කුට්ටිගල පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසලේ සේනා විධායක ලුතිතන් කර්නල් සම්පත් ලියනගේ ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
DB