නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාක දූපත නිවාස සංකීර්ණයේ පොදු පහසුකම් රැසක් නවීකරණයෙන් පසු ජනතා අයිතියට

    ඔක්තෝබර් 16, 2014
    කොළඹ, මට්ටක්කුලිය, කාක දූපත නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාව, ක්‍රීඩාංගණය සහ ළමා උද්‍යානය නවීකරණය කිරීමෙන් පසු ජනතා අයිතියට පත්කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) ප.ව. 3.00ට මට්ටක්කුලිය, කාක දූපතේ දී සිදු කෙරේ.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම ” යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජන සෙවණ “නගමු පුරවර” වැඩසටහන යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.
     
    1981 වර්ෂයේ දී ආරම්භ කරන ඇති මට්ටක්කුලිය කාක දූපත නිවාස සංකීර්ණය නිවාස 353කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. මෙම නිවාස සංකීර්ණයේ අබලන්ව පැවති ප්‍රජා ශාලාව, ක්‍රීඩාංගණය, ළමා උද්‍යානය මේ යටතේ පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කර ඇත. ගරාවැටී තිබූ ප්‍රජා ශාලාව උත්සව ශාලාවක් ලෙස නවීකරණය කර තිබීම විශේෂත්වයකි.
     
    මේ සඳහා රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වී ඇත. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංස්කරණ  කටයුතු සිදු කර තිබේ.
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන රොජර් සෙනෙවිරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, පී.එච්.එල්. විමලසිරි පෙරේරා මහත්ම මහත්මීන්, නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya