නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් කෑගල්ලේ පුද්ගලයන් 429ක් අවතැන්

    ඔක්තෝබර් 16, 2014

    කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් ළං තත්ත්වය හේතුවෙන් මේ වන විට  පුද්ගල මරණ  එකක් හා පවුල් 111ක පුද්ගලයන් 429ක් අවතැන් වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර මහතා පවසයි.


    ඊයේ (15) රාත්‍රියේ ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, යටියන්තොට, බුලත්කොහුපිටිය හා ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක ආපදා තත්ත්වයන් වාර්තා වන අතර බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිපෝරුව ප්‍රදේශයේ නිවසක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. 

    අයහපත් කාලගුණයෙන් වැඩි ආපදා ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර පවුල් 63ක පුද්ගලයන් 232ක පිරිසක් අවතැන් වී ඇත. එමෙන් ම පුද්ගලයන් හතර දෙනෙක් තුවාල ලබා ඇති අතර නිවාස 63කට අලාභානි සිදු වී ඇත.


    මේ වන විට අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීමට අවශ්‍ය පියවර කඩිනමින් ගෙන ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ජගත් මහේන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


    ECB/LT/DP_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya