ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මාතලේ දිස්ත්‍රික් රූපලාවන්‍ය ශිල්පීන් සඳහා පැවති ස්ටෙප් එම්. බියුටි (Step M. Beauty) වැඩසටහන අමතමිනි.
වර්තමාන ව්‍යාපාරික ලෝකය වඩාත් තරගකාරී බැවින් වඩාත් ගුණාත්මක සේවාවක් සැපයිය යුතු බවත් එසේ නොවුණහොත් පාරිභෝගික ආකර්ෂණය ලබා ගත නොහැකි බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
බොහෝ ව්‍යාපාරිකයන් පාරිභෝගික සත්කාරය පිළිබඳ අවධානයක් යොමු නොකරන බව පැවසු ඒ මහතා පාරිභෝගික රුචිකත්වය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ව්‍යාපාරිකයෙක් යනු රටට ඉතා වටිනා පුද්ගලයෙක් නිසා ව්‍යාපාරික ක්ෂේත්‍රය පෙරට වඩා අභියෝගකාරී බවත් සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ සිටින රූපලාවන්‍ය ශිල්පීන් ඒකරාශී කරමින් Step M Beauty නමින් ආරම්භ කළ මෙම වැඩසටහන අමතමින් මාතලේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ජයන්ත ධනපාල මහතා සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික්කයේ රූපලාවන්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි. නව රූපලාවන්‍ය ව්‍යාපාර බිහිකිරීම හා පවතින ව්‍යාපාර වැඩිදියුණු කිරීමට මගපෙන්වීම මේ යටතේ සිදු කෙරේ. සේවකයන් 50ට අඩු රුපියල් මිලියන 50ට අඩු ආයෝජනයකින් යුතු ව්‍යාපාර කුඩා ව්‍යාපාර ලෙස හඳුන්වනු ඇත. ව්‍යවසායකත්වය සංවර්ධනය සඳහා ලංකාවේ තිබෙන එක ම රාජ්‍ය ආයතනය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය බවත් මෙම ආයතනයේ හදාරනු ලබන පාඨමාලා සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පිරිනමන බවත් ධනපාල මහතා ප්‍රකාශ කළේය.
දැනුම ලබාදීම, මූල්‍ය සම්පත් ලබාදීම, ණය ලබා ගැනීමට අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම ආදී සේවාවන් රැසක් මෙම ආයතනය මඟින් සිදු කෙරේ. ලංකාවේ රූපලාවන්‍යාගාර 5,000කට අධික ප්‍රමාණයක් පැවතිය ද එම රූපලාවන්‍යාගාර පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිටින්නේ නිලධාරීන් හතර දෙනෙකු පමණක් බව ද ඒ මහතා පැවසීය.
NDH/NK-ISB dmu matale