මීට සමගාමී ව පැවැත්වෙන තවත් ජංගම සේවා 02ක් නොවැම්බර් 01 දින පෙරවරු 9.00ට යක්කල චන්ද්‍රජෝති විදුහලේදීත් නොවැම්බර් 08දා පෙරවරු 9.00ට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදීත් පැවැත්වේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, රංජිත් සෝමවංශ, උපාලි කොඩිකාර, නිමල් ලන්සා යන මහත්වරුන් මේ විශේෂ ජංගම සේවාවන්ට සහභාගි වීමට නියමිතය.
ජනතාවට යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳ ව මේ මස 20 දිනට පෙර ලේකම්, විශේෂ ජංගම සේවා සම්බන්ධීකරණ කමිටුව, ප්‍රධාන ලේකම් කාර්යාලය, ශ්‍රාවස්ති මන්දිරය, කොළඹ 7 යන ලිපිනයට යොමු කරන ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දන්වා සිටී.
NDH