නාගදීප රජ මහා විහාරයේ ඉදිකෙරෙන රියන් 32ක උසින් යුත් අභය මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමාව හා සිතුවම් සහිත නාග ලෝකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) ආරම්භ කෙරේ. නාගදීප රජ මහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්තතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය මේ සඳහා ලබාදීමට නියමිතය. DB