නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් බිලියන1.4ක විදෙස් ආයෝජන

    ඔක්තෝබර් 13, 2014
    මේ වර්ෂයේ තුන් වන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක විදේශීය ආයෝජන හිමි ව ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
     
    ඒ අනුව අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී දැනටමත් 17% කින් ඉහළ ගොස් ඇති බව ද හෙතෙම කීවේය.
     
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කෙළේය. 
     
    ජිනීවා නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන ආයෝජන සමුළුවේදී මෙරට ආයෝජන දිරිගැන්වීම සඳහා උත්සාහයක නිරතවන බවත් ආයෝජන සහ තිරසාර සංවර්ධනය තේමා කරගත් මේ සමුළුව අද (13) සිට ඔක්තෝම්බර් 16 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බවත් ඒ මහතා කියා සිටියේය.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya