මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙංගාල බොක්ක විශාල සමුද්‍ර පරිසර පද්ධති ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘති කාර්යාලය විවෘත කරයි

    ඔක්තෝබර් 07, 2014
    ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල කලාපීය සමුද්‍රීය කටයුතු සංවර්ධනය කිරීමේ හා සුරැකීමේ කටයුතු වඩාත් පුළුල් කිරීමට පියවර ගනිමින් ආරම්භ කරන ලද බෙංගාල බොක්ක විශාල සමුද්‍ර පරිසර පද්ධති ව්‍යාපෘතියේ (BOBLME) ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘති කාර්යාලය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
     
    මෙම ව්‍යාපෘතියේ ජාතික සම්බන්ධීකාරක ලෙස ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, තාක්ෂණික හා පාලන කටයුතු සම්බන්ධව ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී.සී. හේරත්, කළමනාකරණ හා මුල්‍ය කටයුතු සම්බන්ධව ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී එස්.පී. රාජපක‍්ෂ යන මහත්වරුන් කටයුතු කරනු ඇත.
     
    මෙම ව්‍යාපෘතිය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය එක් ව සිදු කර ගෙන යනු ලැබේ. BOBLME ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් දැනටමත් සමුද්‍ර පරිසර පද්ධති මූලික කර ගත් ධීවර කළමනාකරණය, ධීවර පවුල්වල කාන්තාවන් සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය මත්ස්‍ය සම්පත පිළිබඳ දත්ත එක්රැස් කිරීම වැඩිදියුණු කිරීම යන ක්‍රියාකාරකම් සිදුකර ඇත.
     
    ශ්‍රී ලංකාව වටා මුහුදු තීරයේ කුම්බලා (Indian Mackerel) මත්ස්‍ය විශේෂයේ ගහණ ව්‍යුහය, ජෛව විද්‍යාත්මක තොරතුරු හා සුලබතාව පිළිබඳ අධ්‍යයනය කිරීම සහ බාධක පර (Bar reef) සාගර අභයභූමි ප්‍රදේශයේ බලපෑම පිළිබඳ අධීක්ෂණය කිරීම නාරා ආයතනය මඟින් සිදු කෙරේ.
     
    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා නාරා ආයතනය එක්ව මෝරා මත්ස්‍ය සම්පත පිළිබඳ සමීක්ෂණය කිරීම සහ මෝරා මත්ස්‍ය සම්පත සංරක්ෂණය හා කළමනාකරණය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම වැනි ක්‍රියාකාරකම් මෙම ව්‍යාපෘතිය හරහා දැනටමත් සිදු කර ඇත.
     
    මාල දිවයින, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියැන්මාරය, තායිලන්තය, ඉන්දුනීසියාව හා මැලේසියාව යන රටවල්, බෙංගාල බොක්ක විශාල සමුද්‍ර පරිසර පද්ධති ව්‍යාපෘතිය හරහා එක්ව ක්‍රියාකිරීමට හා බෙංගාල බොක්ක පරිසරය හා එහි මත්ස්‍ය සම්පත කලාපීය වශයෙන් කළමනාකරණය කිරීම හා වැඩිදියුණු කිරීම තුළින් වෙරළාසන්න ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට හැකි වී මෙම ව්‍යාපෘතිය ලද ජයග්‍රහණයක් ලෙස පෙන්වා දිය හැක.
     
    මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, බෙංගාල බොක්ක සමුද්‍රීය කටයුතු ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරක හා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) එච්.එම්.බී.සී. හේරත්, ප්‍රධාන ගණකාධිකාරී ආර්.එස්. රාජක‍්ෂ යන මහත්ම, මහත්මීහු ද සහභාගි වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya