නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන වාණිජ ව්‍යාපාරය තුළ මනුෂ්‍යත්වය හැර වෙන කිසිවක් අලෙවි නොකළ යුතුයි

    ඔක්තෝබර් 05, 2014
    දේශපාලනය නමැති වාණිජ ව්‍යාපාරය තුළ මනුෂ්‍යත්වය හැර වෙන කිසිවක් අලෙවි නොකිරීමේ පාඩම තමන් ඉගෙන ගත්තේ, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බව, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ආදී ආනන්දීය, ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ප‍්‍රකාශ කළේය. 
     
    කොළඹ, ආනන්ද විද්‍යාලයේ 2013 වසරේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය. 
     
    මෙහිදී 2012 වසරේ විද්‍යාලයේ සුවිශේෂි දක්ෂතා දැක් වු සිසුන් 399 දෙනෙකුට සම්මාන හා ත්‍යාග පිරිනමන ලදී.
     
    නුතනය විසින් ආනන්දයට පවරන ලද වගකීමක් තිබෙන බවත් අද වේගයෙන් පරිසරය, තාක්ෂණය, මානව සමාජයේ සිතුවිලි වෙනස් වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනස් වීමට අනුව ආනන්දයේ ලකුණ සටහන් කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය. 
     
    අද අපිට නිදහසේ යන්න එන්න පුළුවන් රටක් ලැබිලා තිබෙනවා. යාබද ආදී නාලන්දියෙක් වූ මහින්ද රාජපක්‍ෂයන් රටේ තරුණයන් විශ්වාස කරන නායකයෙක් බවට පත් වෙලා තිබෙනවා. මේ නිදහසේ ප‍්‍රතිලාභ ඔබ අත්පත් කර ගත යුතුයි. මම අද දේශපාලකයෙක් ලෙස මේ විද්‍යාලයේදී සම්භාවනාවට පාත‍්‍ර වුණා. නමුත් දේශපාලකයන් පිළිබඳ සමාජයේ තිබෙන ජනපි‍්‍රය මතය මෙයට වෙනස්. කාටුන් ශිල්පීන් දේශපාලකයන් අඳින්නේ බඩ මහත, ආයුධ සඟවා ගත්, කෛරාටික, මදාවියන් විදියටයි. නමුත් සියලු දේශපාලනඥයන් මෙහෙමද? ආදී ආනන්දියන් වු මොහාන් ලාල් ග්‍රේරු, කරු ජයසුරිය, ඉමිටියාස් බාකීර් මාකර් චෛරයෝද? දේශපාලනය කියන වාණිජ ව්‍යාපාරය තුළ මනුෂ්‍යත්වය හැර වෙන කිසිවක් අලෙවි නොකිරීමේ පාඩම මම ඉගෙන ගත්තේ ආනන්ද විද්‍යාලයෙන්. ආනන්දය කියන්නේ මනුෂ්‍යත්වයේ අර්ථය දෙන තවත් වචනයක්. ශිලාචාර බවේ අරුත් දෙන තවත්  වචනයක්. ශ්‍රේෂ්ඨත්වයේ අරුත් දෙන තවත්  වචනයක්. ජාත්‍යන්තරයේ ආනන්ද ලකුණ, ආනන්ද පෙනුම තබන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප‍්‍රාර්ථනා කරනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    විභාග කොමසාරිස් ජනරාල්, ඩබ්.එම්.ජේ.ඒ.එන්. පුෂ්පකුමාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, අවට පාසල්වල විදුහල්පතිවරු, දෙමාපියෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya