මෙහිදී ත්‍රෛමාසික පුහුණුව අවසන් කර දැනට ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට අනුයුක්ත කර ඇති නිලධාරින් 225කට ස්ථීර විධිමත් පත්වීම් ලබාදුන් අතර නව පත්වීම්ලාභි නිලධාරින් 87දෙනෙකුටද ත්‍රෛමාසික පුහුණුව සඳහා පත්වීම් ලබාදෙනු ලැබීය.
මෙහිදී උත්සවය අමතමින්, “අද ශ්‍රී ලංකාව ලෝකය හමුවේ කරට කර සිටින බවත්, ජනාධිපතිතුමා තිස් වසරක යුද්ධය නිමා කොට දේශය ඔසවා තැබූ බවත්, ග්‍රාම නිලධාරීන්ට නව ආකල්පයන් තුළින් නිදහසේ තම ගමට සේවය කිරීමට කැපවිය හැකි බවත්” මෙහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසීය.මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දේශීය වෛද්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු මැති ඇමතිවරුන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු සහ රජයේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ECB/SJ_dmu_gampaha