එහෙත් ලංවිම රුපියල් බිලියන 40ක් මහජන බැංකුවටත්, ඛනිතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 221ක් ලංකා බැංකුවටත් ණය වී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා බලශක්ති සංසදය සංවිධානය කරන ලද "ලෝක දේශගුණික විපර්යාස සමුළුව සහ ශ්‍රී ලංකාවේ බලශක්ති මිල සූත්‍රයකට ඇති අවශ්‍යතාව" මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පවත්වන ලද විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.
ගෝලීය උණුසුම වැඩිවීමේ ප්‍රධාන හේතුකාරකය වන්නේ බලශක්ති පරිහරණය වන අතර අපිට නිසි බලශක්ති ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසාත්, ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම නිසාත් අපගේ බලශක්ති මිල ගණන් බොහෝ සේ ඉහළ ගොස් තිබේ. අතිගරු ජනාධිපතිතුමා පසුගිය 15දා පුත්තලම බලාගාරයේ 3 වන අදියර විවෘත කරන අවස්ථාවේ 25%කින් විදුලිබිල අඩු කරන බව ප්‍රකාශ කළා. නමුත් අපිට මේ සම්බන්ධයෙන් පැහැදිලි, නිසි මිල සූත්‍රයක් නොතිබීම නිසා විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ කළා. සැබෑ ලෙස ම මිල අඩුවීම සිදුවී ඇත්තේ ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් වීම විශේෂත්වයකි. කාලයක් අර්බුද ගණනාවක් පැවති ප්‍රවාහන සේවයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වාදීමත් සමඟ අද එම අර්බුද මඟහරවා ගැනීමට හැකිව තිබේ. විදුලි බිල සම්බන්ධයෙන් ද පැහැදිලි මිල සූත්‍රයක් පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍යයි. බලශක්තියට, ප්‍රවාහන ගාස්තුවට, විදුලි බිලට, තෙල්වලට, ගෑස්වලට ගෙවන මිල හා ඒ මිල ගෙවිය යුත්තේ ඇයිද? යන්න පිළිබඳ ව දැන ගැනීමට පාරිභෝගිකයාට අයිතියක් තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදුලිබල මණ්ඩලයේ හා ඛනිජතෙල් නීතිගත සංථාවේ අර්බුදය අද මූල්‍ය ක්ෂේත්රයේ අර්බුදයක් ලෙස පරිවර්තනය වෙමින් තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 40කට අධික ප්‍රමාණයක් මහජන බැංකුවට ණය වී තිබෙන අතර පසුගිය වසරේ ආසන්නයෙන් රුපියල් බිලියන 07ක් පොලී වශයෙන් මහජන බැංකුවට ගෙවා තිබේ. මහජන බැංකුවේ පසුගිය වසරේ ලාභය ද රුපියල් බිලියන 07ක් වූ අතර විදුලි පාරිභෝගිකයන් විසින් මෙම බැංකුවේ පැවැත්ම තීරණය කරන බව පැහැදිලියි. ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 221ක් ලංකා බැංකුවට ණය වී තිබෙන අතර ඒ සඳහා පසුගිය වසරේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පොලී වශයෙන් ලංකා බැංකුවට ගෙවා තිබේ. පසුගිය වසරේ ලංකා බැංකුවේ ලාභය රුපියල් බිලියන 11කි.මෙම අර්බුදය විසඳා නොගතහොත් ලංකාවට ඉදිරියේදී මූල්‍යමය වශයෙන් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව කෝප් වාර්තාවෙන්ද පෙන්වා දී තිඛෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙගා වොට් 900ක් පුත්තලමේ ගල්අඟුරු බලාගාරයෙන් නිපදවූවත් එහි පූර්ණ බලශක්තිය අපට ලබා ගත නොහැකි වී තිබේ. නිපදවන ශක්තිය සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම එයට හේතු වී තිබේ. දුප්පත් පවුල් තම ආදායමෙන් 19%ක් විදුලිබිල වෙනුවෙන් වැය කරන විට අධික ව විදුලිය භාවිත කරන්නන් වැය කරනුයේ තමන්ගේ ආදායමෙන් 2%ක් පමණි. රට තුළ ආර්ථිකයක් ජනනය වීමට නම් රට තුළ නිපදවන විදුලිය පිළිබඳ මූලධර්මයකට, රට තුළ විදුලිය නිපදවන පිරිස් පිළිබඳ ක්‍රියාදාමයකට අප විසින් ගමන් කළ යුතුයි. දේශපාලනයේ නොයෙක් වාදවිවාද කළත් ඕනෑම මැතිවරණයක තීරක දෙයක් විය යුත්තේ පෙට්ට්‍රෝලියම් බිල අපිට දැනෙන තේරෙන ක්‍රමයකට අපට ලබාදීම බව ද එය පාරිභෝගිකයාගේ දැනගැනීමේ අයිතියක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජල විදුලියේ අයිතිය සැමට සමසේ දිය යුතු අතර අධික වියදමෙන් යුතු ඩීසල් බලාගාරවල මිල වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන්නන් දැරිය යුතුයි. එය රටේ අයිතියකි. රට ඉදිරියට යන්න නම් ආර්ථිකමය, සමාජමය සහ අනෙකුත් කරුණුවලින් රටේ බලශක්තියට, විශේෂයෙන් ම තෙල්වලට සහ විදුලි බිලට මිල සූත්‍රයක් අවශ්‍යයි. එය විවෘත, විනිවිද බවින් යුත් දෙයක් විය යුතුයි. විධායක ජනාධිපති ධූරය පමණක් නොව රටේ වඩාත් ම වැදගත් ප්‍රශ්නයක් වන මේ නිසි බලශක්ති මිල සූත්‍රය රටේ දේශපාලන න්යායපත්රයේ අංක එකට අප විසින් ගෙන යා යුතු අතර එය අප සැමගේ වගකීමක් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH