එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (හැබිටාඩ් සංවිධානය) විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි සෑම වසරක ම ඔක්තෝබර් ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය ලෙස වෙන් කර ඇත. ඒ අනුව 1986 වර්ෂයේ සිට ලෝක ජනාවාස දිනය සමරයි.
මෙවර තේමාව “Voices From Slums”යන්නයි. “නාගරික පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිත ව ජීවත්වන නගරයට හිමිකම් කියන බහුතර ජනතාව වෙනුවෙන් හඬක්” යන්න මින් අදහස් කෙරේ. මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැළපෙන අයුරින් “ජනාවාස හඬක් - ජන සෙවණින් හෙටක්” යනුවෙන් ප්‍රතිනිර්මාණය කර තිබේ.
මෙදින ජාතික සමුළුවේ ප්‍රධාන අංගය වන්නේ ශ්‍රී ලාංකික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ දීර්ඝ කාලීන අවශ්‍යතාවක් ලෙසින් පැවති ජාතික නිවාස ප්‍රතිපත්තිය අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමයි. එමෙන් ම මෙවර ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන කාර්යයන් හා එහි අනාගත ක්‍රියාපිළිවෙත පෙන්නුම් කෙරෙන ජනාවාස දින කොළඹ ප්‍රකාශනය එළිදැක්වීම ද, ජනාවාස දින සමරු කලාපය ප්‍රකාශයට පත්කිරීම ද මෙහිදී සිදු කෙරේ.
දීර්ඝ කාලීන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකාවේ සමස්ත නිවාස සංවර්ධන ක්‍රියාවලිය විධිමත් ව ආවරණය කරමින් මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කොට තිබේ. දුගී දුප්පත් ජනතාවට රාජ්‍ය මැදිහත්වීම යටතේ නිවාස ඉදිකිරීමත්, අඩු ආදායම්ලාභී ප්‍රජාව හා මධ්‍යම ආදායම්ලාභී ප්‍රජාවට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ දායකත්වයෙන් සිය නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා සහය වීමත්, කුලී නිවාසලාභීන් සඳහා නිශ්චිත නිවාස සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් ජාතික නිවාස ප්‍රතිපත්තියේ මූලික අංගයන් වේ.
මෙවර ජාතික සමුළුවේදී පසුගිය සැප්තැම්බර් 27 හා 28 දිනයන්හි කොළඹ නව නගර ශාලාවේ පැවති ජනාවාස දින නාට්‍ය උළෙලේ ජයග්‍රාහී නාට්‍ය සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම, සැප්තැම්බර් 28 දින රාජගිරිය බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේ පැවති ජනාවාස දින ක්‍රිකට් තරගයේ ජයග්‍රාහකයන්ට (කාන්තා / පිරිමි) තිළිණ හා සහතිකපත් ප්‍රදානය, කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයන්හි නිවාස හිමිකම්ලාභීන් 500 දෙනෙකු වෙනුවෙන් හිමිකම් ඔප්පු ප්‍රදානයත් සිදු කිරීමට නියමිතය.
එදින ම කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ශිල්පීන් 200 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රජා කොන්ත්‍රාත්කරුවන් 100 දෙනෙකු ලියාපදිංචිකොට ඔවුන්ට NVQ සහතික පිරිනැමීම, කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම මහල් නිවාස ආශ්‍රිත ව පිහිටුවා ඇති කළමනාකරණ සංස්ථාවලින් හොඳ ම කළමනාකරණ සංස්ථා තරගකාරී පදනමකින් තෝරා එම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය හා 2014 ලෝක ජනාවාස දිනය තේමාකොට ගනිමින් දීප ව්‍යාප්ත ව පාසල් සිසුන් අතරේ පැවැත්වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය ඇරඹීම හා මෙම චිත්‍ර හා රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමත් සිදු කරන බව එම අමාත්‍යාංශය පැවසීය.
NDH