අත්තනකඩවල දිවි නැඟුම ප්රජාමූල බැංකු සංගමය විසින් මෙය සංවිධානය කරන ලදී. මෙහිදී ග්රාම නිලධාරී වසම් 14ක මෑණිවරුන් හා පියවරුන් 130 දෙනෙකුට උපහාර පිදීය.
මේ අවස්ථාවට පොලොන්නරුව දිවි නැඟුම සහකාර කොමසාරිස් රුවන් රාජශිල්ප, කළමනාකාර අධ්යක්ෂ චානක සමරසූරිය, සමාජ සංවර්ධන දිස්ත්රික් කළමනාකාර යමුනා මල්කාන්ති, ප්රාදේශීය නිලධාරී ගාමිණී කුමාරසිංහ, විෂයභාර දිවි නැඟුම සංවර්ධන නිලධාරී දුමින්ද සංජීව යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.