නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරීන් 53කට පත්වීම් ලබා දේ

    ඔක්තෝබර් 02, 2014

    තුන් මාසික පුහුණුව අවසන් කළ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරීන් 53 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබා දීම පසුගිය සඳුදා (29) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ 10කට මෙම නව ග්‍රාම නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

     

    ඒ අනුව, තඹලගමුව,මොරවැව හා කන්තලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරීන් තිදෙනා බැගින් ද, ශ්‍රී පුර හා ගෝමරන්කඩවල සඳහා ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු බැඟින් ද, කුච්චවේලී ග්‍රාම නිලධාරීන් හය දෙනෙකුද, සේරුවාවිලට පස් දෙනෙකු ද, කින්නියා සඳහා නව දෙනෙකු ද, මුතූර් සඳහා හත් දෙනෙකු හා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට දහතුන් දෙනෙකුද පත් කර තිබේ.

     

    තාවකාලික ලෙස බඳවාගත් ග්‍රාම නිලධාරීන් 11 දෙනෙකු සඳහා ද තුන් මාසික පුහුණුවක් ලබා දීමට සැලසුම් කර ඇති අතර පුහුණුවෙන් පසු එම නිලධාරීන්ට ද ස්ථිර පත්වීම් ලබා දීමට නියමිතය. ඔක්තෝබර් 15 වන දින මෙම නිලධාරීන් 11 සඳහා වැඩමුළුවක් ද පැවැත්වේ.

     

    ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් මේජර් ජෙනරාල් තිස්ස රංජිත් ඩී. සිල්වා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ඇරූරාසා, සහකාර දිස්ත්‍රික් ලේකම් භාතිය විජේනන්ද යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් හා දිස්ත්‍රික් ලේකම් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya