නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල ගමින් ගමට දොරින් දොරට වැඩසටහනට මිලියන 3134.5ක්

    ඔක්තෝබර් 02, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ගමින් ගමට දොරින් දොරට වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 3134.5ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් වෙන් කර ඇත.

    මේ බව අනාවරණය වූයේ පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ගමින් ගමට දොරින් දොරට වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

    ඒ යටතේ ව්‍යාපෘති 5477ක් දැනට ක්‍රියාත්මක වේ. මේ යටතේ ව්‍යාපෘති 1396ක වැඩ දැනට අවසන් වී ඇත. ඒ යටතේ එක් ගමකට එක් වැඩසටහනක් යටතේ ව්‍යාපෘතීන් 738ක් ද ගමනැගුම වැඩසටහන යටතේ ව්‍යාපෘති 243ක් ද විමධ්‍යගත වැඩසටහන් යටතේ ව්‍යාපෘති 64ක් ද පළාත් නැගුම වැඩසටහන යටතේ ව්‍යාපෘති 224ක් ද පාසල් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 29ක් ද රුහුණු උදාන වැඩසටහන යටතේ ව්‍යාපෘති 62ක් ද විශේෂ ව්‍යාපෘති 36ක් ද ලෙස නිම කිරීම සඳහා රුපියල් මිලියන 489.5ක් වැය කර ඇත.

    මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ යන මහත්වරු ද රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරු රැසක් ද එක් ව සිටියහ. 
     
     
    ECB/GN_dmu_Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya