යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ. මෙහිදී විවිධ සේනාංක, පුහුණු ඒකක ආදියට අයත් යුද හමුදා ධජ 450ක සංඛ්‍යාවක් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා ප්රදක්ෂිණා කරවමින් ඒවාට සෙත් පැතීම සිදු කළේ ය. යුද හමුදාවේ සියලු සේනාංකවලට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ, උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති, ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථානයට අයත් සියලු ම සිද්ධස්ථානවල නායක ස්වාමීන්වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කරමින් යුද හමුදාවේ අනූපමය මෙහෙවර අගයමින් සෙත් පැතීම සිදු කළහ.
යුද ජයග්‍රහණය සඳහා අභිතව සටන් කළ යුද හමුදාව කිසිදාක අමතක නොවන බවත්, රටෙහි සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතුතිමා, ආරක්ෂණ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු රට රැක ගැනීම වෙනුවෙන් කැප වු සියලු දෙනා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීම ගරුතර මහා සංඝරත්නය විසින් සිදු කරනු ලැබූහ.
ECB/SB_dmu_Anuradhapura