බලශක්ති, තාක්ෂණ, හෝටල් ව්‍යාපාර ඇතුළු ව්‍යාපෘති 26ක් මෙම ආයෝජනයන්ට ඇතුළත් බවත් එහිදී නව රැකියා 4833ක් ලබාදීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු උතුරු පළාතේ පැවති පළමු ආයෝජන සමුළුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (28) පැවැති අතර එහිදි ආයෝජකයන් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
1979 වසරේ සිට 1994 දක්වා කිසිදු ආයෝජනයක් උතුරු පළාතට සිදු ව නැති බව පැවසූ ඒ මහතා 1994 සිට 2004 දක්වා රුපියල් මිලියන 428ක් ආයෝජනය කර ඇති අතර රැකියා 419ක් පමණක් ලබා දී ඇති බව ද කියා සිටියේය.
උතුරේ ආයෝජනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන් රැසක් මේ වන විටත් ඉදිරිපත් වී ඇති බවත් ඊට ලොව ප්‍රකට ආයෝජකයන් රැසක් සිටින බවත් අබේවර්ධන මහතා පැවසීය. නිදහසින් පසු බිහි වු කිසිදු රජයක්, වත්මන් රජය සිදු කළ ආයෝජනයන් හෝ සංවර්ධනයක් උතුරු පළාතට සිදු කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා ත්‍රස්තවාදය නිමා කර කෙටි කාලයක් තුළදී විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් දැවැන්ත සංවර්ධනයක් මෙන් ම ආයෝජන උතුරේ ජනතාවට ලබාදීමට සමත් ව ඇති බව ද ඔහු කීය.
NDH/mod