උතුර දකුණ යා කරමින් යාල්දේවිය පැමිණීම මෙන් ම යාපනය දක්වා දිවෙන සියලු ප්‍රධාන මංමාවත් කඩිනමින් ඉදිකිරීමත් සියලු යටිතල පහසුකම් අතින් දියුණු තත්ත්වයට පත්වීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ උතුරේ ඇසට පෙනෙන විශාල සංවර්ධනයක් සිදු වී ඇති බවයි. අන්තර්ජාතික නියෝජිතයෝ විදෙස් රටවල සිට විවිධ හඬ නැඟුවත් සැබෑ සංවර්ධනය දැක බලා ගැනීමට උතුරට පැමිණිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දූරදර්ශී මෙන් ම අභීත නායකත්වය යටතේ කඩිනම් සංවර්ධනයක් සිදු වූ බවත් උතුරේ ජනතාවගේ මීළඟ ප්‍රධාන අපේක්ෂාව වන්නේ උතුරු අධිවේගය ඉදිවනු දැකීම බවත් ඔහු කීය.
NDH/mod