නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම සභා ප්‍රජා කමිටු නායකයන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්

    සැප්තැම්බර් 26, 2014

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය, තංගල්ල, වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සභා ප්‍රජා කමිටු නායකයන් සහභාගී කරගනිමින් පළාත් පාලනයේ සේවාවන්, ප්‍රජා අයිතිවාසිකම් හා වගකීම් සහ ඔවුන්ගේ දායකත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 


    පොදුරාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංගමය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය හා පළාත් පාලන, පළාත් සභා අමාත්‍යාංශය ඒකාබද්ධ ව ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම ව්‍යාපෘතිය යටතේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. 

    මෙහිදී ප්‍රජා ආණ්ඩුකරණය සහ එහි මූලික ගුණාංග පිළිබඳ ප්‍රජා නායකයන් දැනුවත් කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා විසින් සිදු කරන ලදී. "දැයේ සංවර්ධනයට ගමේ ආණ්ඩුව සමඟ අත්වැල් බැඳගමු" යන තේමාව යටතේ ප්‍රාදේශීය ආණ්ඩුකරණයේ අරමුණු, පළාත් පාලන ආයතනවල විෂයපථය එනම් මහජන සෞඛ්‍ය, පොදු උපයෝගිතා සේවා, පොදු මංමාවත් හා වෙනත් විෂයන්ට අයත් වූ කාර්යයන් සම්බන්ධවත්, පළාත් පාලන ආයතනික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහජනතාවගේ කාර්ය​භාරය සහ ජනතා සහභාගිත්වය සඳහා දැනට ඇති අවස්ථා පිළිබඳවත්, යහපාලනය යනු කුමක්ද යන්නත්, පළාත් පාලන ආයතනයක තිබිය යුතු යහ පාලන ගුණාංග හා එහි වර්ධන උපාය මාර්ග පිළිබඳවත් දැනුවත් කිරීම ජ්‍යෙෂ්ඨ සම්පත්දායක හා වයඹ පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයෙකු ලෙස සේවය කළ ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා විසින් සිදු කරන ලදී.

     

    දෙදිනක් පුරා පැවති වැඩසටහන් සඳහා ඉහත නම් සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මහජන නියෝජිතයන්, ග්‍රාම සභා නිලධාරීන් සහ ප්‍රජා කමිටු නායකයෝ ඇතුළු 288 දෙනෙක් සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya