නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංවර්ධනයට 2015 අය-වැයෙන් යෝධ ශක්තියක්

    සැප්තැම්බර් 25, 2014

    2015 අය-වැය යෝජනා යටතේ ධීවර ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘති ගණනාවකට සහන ලබාදීම හා මූල්‍යාධාර වෙන්කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ධීවර අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැත්වුණි.


    මෙම සාකච්ඡාව සඳහා ධීවර අමාත්‍යාංශය නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක යන මහත්වරුන් හා අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනයන්හි ප‍්‍රධානීහු සහභාගී වූහ.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ නායකත්වයෙන් මුදල් අමාත්‍යාංශ නියෝජිතවරු ඊට සහභාගී වූහ.

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව ක‍්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් විවිධ අමාත්‍යාංශ වෙත ගොස් අදාළ අමාත්‍යාංශවල නව වැඩපිළිවෙළවල් හා ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප‍්‍රතිපාදන ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින් ප‍්‍රමාණවත් ලෙස ලබා දීම සිදු කෙරේ.

    මේ යටතේ ධීවර අමාත්‍යාංශ සාකච්ඡාවේදී අමාත්‍යාංශය 2015දී ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති ගණනාවකට ම අවශ්‍ය මූල්‍යමය ප‍්‍රතිපාදන ලබාදීම මෙහිදී සිදු විය. මෙම සාකච්ඡාව ධීවර සංවර්ධනයට ඉතාමත් වැඩදායක සාකච්ඡාවක් සිදු වූ බව අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසීය.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ධීවර සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් ලෙස වෙන්කර දීමට පියවර ගත් බවත් ඒ අනුව 2015 අය-වැය යෝජනා සැකසෙන බවත් මේ මඟින් ධීවර ප‍්‍රජාවට සුවිශාල සංවර්ධනයක් ඇති කිරීමට ධීවර අමාත්‍යාංශයට හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya