1998 වසරේදී ආරම්භ කර ඇති ලිය ශක්ති සංවිධානය කාන්තාවන් ස්වයංරැකියා සඳහා යොමුකරවීම, පුහුණුව ලබාදීම, සමාජසේවා කාර්යන්හි නිරතවීම වැනි සේවාවන්හි යෙදෙනු ඇත. ලිය ශක්ති කාන්තා සමිතියට අනුබද්ධ සියළුම කාන්තාවන් ස්වයංරැකියාන්හි නිරතවීම මෙම සංවිධානයේ ඇති විශේෂත්වයයි. වසර කිහිපයකදී ම හොඳ ම කාන්තා කාර්ය සමිතිය වශයෙන් තේරී පත්ව ඇති ලිය ශක්ති කාන්තා කාර්ය සමිතියේ සාමාජිකාවන් ද හොඳ ම කාන්තා ව්‍යවසායිකාවන් වශයෙන් සම්මාන හිමි කර ගෙන ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන ලලිත් වනිගරත්න, ආනන්ද හරිස්චන්ද්‍ර, කටාන ප‍්‍රාදේශීය සභා සභාපති ලීලානන්ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
NDH