නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලැයිම් කාමර ගෙවල් වෙනුවට නව දෙමහල් නිවාස

    සැප්තැම්බර් 24, 2014

    මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ කඳුකරයේ වතු ආශ්‍රිත ව තම ජීවනෝපාය කර ගනිමින් ජීවත් වන වතු කම්කරු ජනයා මේ දක්වා ජීවත් වන ලැයිම් කාමර ගෙවල් වෙනුවට නව නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවන් කිහිපයක් පසුගිය කාලයේ පැවැත්විණ.

    එහි ප්‍රතිඵලයක් ලෙස අද (24) නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යොජිත නව නිවාස ව්‍යාප්තියේ සැලැස්ම හා යෝජිත ඉඩම ද මෙම ගෙවල් සඳහා ඇස්තමේන්තුගත අයවැය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණ.

     

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි මානව සංවර්ධන භාර ශ්‍රවණාගාරයේ මෙය පැවැත්විණ.

     

    නගර සභා සංවර්ධන අධිකාරිය යටතේ මෙම නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු සිදු කිරීමට නියමිත අතර, පශු සම්පත් අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ මෙය සිදු කිරීමට යෝජිතය.

     

    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාත්  පශු සම්පත් අමාත්‍යංශ ලේකම් එච්.එල්. තිසේරා මහතා ඇතුළු අමාත්‍යංශ උසස් නිලධාරින් පිරිසක් ද නගර සභා සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya