පසුගිය කාලය පුරාවට ම අවිධිමත් මූල්‍ය ආයතනවල කටයුතු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් මෙන් ම ප්‍රදේශයේ මහජනතාව බොහෝ මූල්‍ය අපහසුතාවලට දැඩි ලෙස ගොදුරු වූහ. එපමණක් නො ව මුදල් කළමනාකරණයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දුර්වල තත්ත්වයක් පෙන්වන බැවින් ඔවුන් ඉන් මුදා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රය සඳහා බලපවත්වන්නා වූ බදු ක්‍රම, රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳව දැනුවත් කිරීම, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම මූලික වශයෙන් සිදු කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් උපාලි හෙට්ටිආරච්චි මහතා, එස්.එස්. වන්නිආරච්චි මහතා, ජී.ඩී.පී.ඩී. ජයතිලක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම්.ඒ. පි‍්‍රයංක මහතා සම්පත් දායකත්වය සපයති.
මෙම වැඩසටහන සඳහා මාතර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා, ශ්‍රී ලංකා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් දිසානායක මහතා, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී ලංකා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය නියෝජනය කරන සංවර්ධන නිලධාරීන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් 250ක් පමණ සහභාගි වෙති.
ශ්‍රී ලංකා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා එක් ව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය මූල්‍යමය දායකත්වය සපයයි.
NDH/TI-dmu matara