නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාභ වැඩක් කර ප‍්‍රසිද්ධියක් ගැනීමට වඩා හොඳ දෙයක් කර ප‍්‍රතිලාභ ජනතාවට ලබා දීම වැදගත්

    සැප්තැම්බර් 23, 2014

    ඉතාමත් ලාභ වැඩක් කර ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමට වඩා හොද දෙයක් කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබා දීම ඉතා වැදගත් බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.


    ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යතුමාගේ සභාපතීත්වයෙන් ක‍්‍රියාත්මක වන පියදසුන පදනම මඟින් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමක් පසුගිය දා සිදු වූ අතර එහිදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. 


    සියලු පරීක්ෂණ කටයුතු සහිතව අංග සම්පූර්ණ අක්ෂි සායන කඳවුරක් පවත්වා ඇසේ සුද ඉවත් කිරීම, අක්ෂි කාච බද්ධ කළ යුතු අය සඳහා අක්ෂි කාච බද්ධ කිරීම සිදු කළ බවත් එසේ ම ඇස් පරීක්ෂා කිරීමෙන් අනතුරු ව ඇස් කණ්ණාඩි අවශ්‍ය අය සඳහා ඇස් කණ්ණාඩි ලබා දීමට හැකිවීම පිළිබඳව සිය සතුට ප‍්‍රකාශ කළ අමාත්‍යතුමා යම් වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන විට එය නියමාකාරයෙන් නිසි ප‍්‍රමිතියකින් සිදු කළ යුතු බවත් පෙන්වා දෙන ලදී. මැතිවරණ කාලයේ දී වෙළඳපළෙන් රුපියල් 100ක් වැනි මුදලකට ඇස් කණ්ණාඩි ලබාගෙන බෙදාදෙන බවත් එවැනි බාල ක‍්‍රියා තුළින් මහජනතාව තවදුරටත් අපහසුතාවට පත්කරවන බවත් පැවසීය. ඉතාමත් ලාභ වැඩක් කර ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමට වඩා හොද දෙයක් කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබා දීම ඉතා වැදගත් බවත් අමාත්‍යතුමා මෙහිදී පැවසීය. 


    කොළඹ දෘෂ්ටි හා සෞඛ්‍ය ප‍්‍රවර්ධන පදනම හා එක් ව පියදසුන පදනම මෙම ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීම සංවිධානය කරන ලද අතර මේ වැඩ සටහනට සමගාමීව ඇසේ සුද ඉවත් කිරීම සහ අක්ෂි කාච බද්ධ කිරීම ද සිදුවිය. 


    පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න අමාත්‍යතුමා සහ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් වාරියපොළ ප‍්‍රජා ශාලා පරිශ‍්‍රයේ පැවති මේ වැඩසටහන සඳහා කොළඹ දෘෂ්ටි හා සෞඛ්‍ය ප‍්‍රවර්ධන පදනමේ සභාපති අනුර දිසානායක, වාරියපොළ ප‍්‍රාදේශීය ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya