මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    99X Technology ආයතනයෙන් පොලොන්නරුවේ ජනතාවට පෙනීමේ ත්‍යාග

    සැප්තැම්බර් 18, 2014

    අද වන විට තාක්ෂණයේ සිදු වී ඇති දියුණුව සමඟින් දෘෂ්ටි දෝෂයක් යනු එතරම් ප්‍රබල තත්‍ත්වයක් නොවේ යැයි සිතුණ ද ලෝක ජනගහනයෙන් මිලියන 300ක් තරම් ප්‍රමාණයක් උපැස් යුවලක් පැළඳීමට ඇති නොහැකියාව නිසාවෙන් පීඩා විඳිති. 


    ශ්‍රී ලංකාව තුළ 800,000ක් පමණ වූ ජනතාවක් රුපියල් 5000ත් 3000ත් අතර මිලකට ලබා ගත් හැකි උපැස් යුවලක් මිලට ගත නොහැකිව වේදනා විඳීම කනගාටුදායක තත්‍ත්වයක් වන අතර මේ සම්බන්ධයෙන් තවමත් රජයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ද නොමැත‍.

    මේ ගැටලුව හඳුනා ගත් 99X Technology ආයතනය ‘So Others May See’ (SOMS) ආයතනය සමඟ එක් ව ඔවුන්ගේ පරමාර්ථය වන " සියල්ලන් ම දකින්නා වූ ලොවක්" ගොඩනැගීම සඳහා පෙළ ගැසෙමින් පොලොන්නරුවේ ජනතාවට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත. 2013 වර්ෂයේ ද ආයතනයේ සේවකයන්ගේ ධන පරිත්‍යාගයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ, ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත පුද්ගලයන් 100කට බෙදා දීමට 99X Technology ආයතනය කටයුතු කර ඇත.

    මෙවර SOMS ආයත්‍නය සමඟ එක් ව පොලොන්නරුව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මේ වැඩසටහන පවත්වා ඇත. මේ සඳහා ආයතනයේ සේවක මඬුල්ල මෙන් ම පාරිභෝගිකයෝ ද  එක් ව සිටියහ. 

    මේ අවස්ථාව පිළිබඳ දැනගත් 99X Technology ආයතනයේ පාරිභෝගිකයකු වන නෝර්වේ හි පිහිටි Super Office AS ආයතනයේ කණ්ඩායමක් ද මේ ව්‍යාපෘතියට මූල්‍යාධාර සපයා තිබේ. 

    පළමු පියවර ලෙස පාසල් ගුරුවරුන්ට දෘශ්‍යාබාධ සහිත දරුවන් පරීක්ෂණයක් හරහා හඳුනාගන්නා අයුරු පුහුණු කරන අතර අනතුරු ව එම ගුරුවරුන් විසින් හඳුනා ගන්නා ලද පාසල් 20ක පමණ දරුවන් 240 දෙනෙකු සඳහා සෞඛ්‍ය කඳවුර පොලොන්නරු, අරලගංවිල ලීලාරත්න විදුහලේ දී පැවැත්වුණි.

    ඇතැම් දරුවන් සඳහා ඇස් කණ්ණාඩි නියම කරන ලද අතර තවත් පිරිසක් වැඩිදුර ප්‍රතිකාර 
    පරීක්ෂණ සඳහා පොලොන්නරුව මහ රෝහලට යොමු කෙරිණි. තවත් කොටසකට ඔවුන්ගේ ගැටලු අනුව අක්ෂි ව්‍යායාම සිදු කළ යුතු ආකාරය ද ඉගැන්වීය. 

    පරිගනක මෘදුකාංග ඉංජිනේරු ආයතනයක් වන 99X Technology ආයතනය, ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන මූලස්ථානය පවත්වා ගෙන යනු ලබන ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන්නා වූ ආයතනයකි. ප්‍රධාන වශයෙන් යුරෝපීය කලාපය මූලික ව ඉලක්ක කර කටයුතු කරන මෙම ආයතනයේ ශාඛාවක් නෝර්වේ හි ඔස්ලෝ නුවර ද පවතින අතර අද වන විට ඉහළ මට්ටමේ නිෂ්පාදනයන් 150 අධික සංඛ්‍යාවක් මෙහි ඇත. මේ ආයතනය ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට සුදුසු ම ආයතන 15 අතර 2013 හා 2014 යන වර්ෂ ‍දෙකහි ම රැඳී සිටීමට සමත් වී ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya