නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළැඹෙන මහ කන්නයට අනුරපුර සැරසෙයි

    සැප්තැම්බර් 17, 2014

    උතුරුමැද පළාතේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය කඩිනමින් උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරන බව, උතුරුමැද පළාත් කෘෂිකර්ම ව්‍යාප්ති, නව නියෝජ්‍ය අධ්‍යක්ෂ බුද්ධික අබේසිංහ මහතා පවසයි.


    අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් එල්.පී. මදනායක මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (17) පැවති මාසික කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මේ බව පැවසීය. කෘෂි ක්ෂේත්‍රය ඉහළට ගෙන ඒමට අවශ්‍ය ශක්‍යතා රැසක් උතුරුමැද පළාත තුළ පවතින බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය. 



    ඉදිරි මහ කන්නයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙක්ටයාර අසුහයදහස් පන්සියයක වී වගා කිරීම අපේක්ෂා කෙරේ. එයින් ජාතික වී නිෂ්පාදනයට දිස්ත්‍රික්කයෙන් 10%ක දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වේ. කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් වගා කිරීමේ කටයුතු ව්‍යාප්ත කිරීම අරමුණු කර ගෙන, කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් හෙක්ටයාර 1000ක වී වගා කිරීමට නියමිතයි. අනුරාධපුර දිස්ත්‍රික්කය බඩඉරිඟු වගාවට ද නම් දරා ඇති අතර, මෙවර මහ කන්නයේ දී  වගා කිරීමට අපේක්ෂිත හෙක්ටයාර සංඛ්‍යාව 32000ක් වේ.  කෘෂි ක්ෂේත්‍රය තුළ අතිරේක බෝග වගා කිරීමට ගොවි ජනතාව වැඩි වැඩියෙන් පෙළඹවීමට කටයුතු කරන බවද ව්‍යාප්ති අධ්‍යක්ෂ බුද්ධික අබේසිංහ මහතා පැවසීය.


    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya