විශේෂයෙන් ම මහර බන්ධනාගාරය ප්‍රමූඛ කරගෙන අමද්‍යප මහා සභාවේ සම්බන්ධීකරණයෙන් ඒ නායකත්වයෙන් මේ වැඩපිළිවෙළට අත්තිවාරම දමා ඇති බවත් ඒ කටයුත්ත මහර බන්ධනාගාරයේ සැලසුම් කරමින් ආරම්භ කිරීම ගැන මහර නව අධිකාරීතුමාට ප්‍රශංසාව පළ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සඳුදා මහර බන්ධනාගාරයේ දී මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "මේ මත්ද්‍රව්‍ය, ඒ වගේ ම මතට ඇබ්බැහිවීම, මත නිසා සමාජයට සිදු වන විපත් ගැන අපි නිරන්තර අහනවා. දකිනවා. පුවත්පතක් ගත්තොත් සමහර වෙලාවට පුවත්පත්වල පිටුවල හුඟක් තියෙන්නේ කෘර සිදුවීම්. මේ හැම සිදුවීමක් පිටුපස්සේ ම මත්ද්‍රව්‍යවල සම්බන්ධයක් තිබෙනවා යන්න තමා බන්ධනාගාරවල අදහස. පසුගිය දා මට ඉදිරිපත් කළ වාර්තාවක තිබුණා මේ රටේ කවර ගණයේ අපරාධයක් සිදුවුණත් ඒ අපරාධයට පසුපසින් මත්ද්‍රව්‍ය සම්බන්ධයක් තියෙනවා කියලා. අපරාධවලින් 98.2%ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයක් තිබෙන අපරාධයි.
අපරාධ වගේ ම අපි දන්නවා අපේ රටේ රිය අනතුරු දිහා බැලුවොත් 41%ක් මත්ද්‍රව්‍ය නිසා සිදු වී ඇත්තේ. ඒ නිසා මෙය ව්‍යාධියක්. මම දකින්නේ පසුගිය කාලේ තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දීලා මේ සමාජයට බියෙන් සැකෙන් තොර ව ජීවත්වීම අතිගරු ජනාධිපතිතුමා ලබා දුන්නා. නමුත් මිත්‍රවරුනි ඒ හා සමානව ව්‍යසනකාරීත්වයක් මේ මත්ද්‍රව්‍ය සමාජයට කරනවා. ඒ නිසා අපි කාටත් වගකීමක් තියෙනවා මේක රජයකට විතරක් නෙමෙයි එක දෙපාර්තමේන්තුවකට විතරක් නෙමෙයි එක සංවිධානයකට විතරක් නෙමෙයි මේ මත්ද්‍රව්‍ය විරෝධී අරගලය ජාතික වශයෙන් ගෙනයන්න. ඒ වෙනුවෙන් අපේ ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මේ ගෙන යන මෙහෙවර මම හදවතින් ම අගය කරනවා. මේ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කළ හැකි දේවල් තියෙනවා. මම ඒක සීමිතයි කියා දකින්නේ නැහැ.
පසුගිය කාලේ අසීමිත වැඩ කොටසකට අපි අත්තිවාරම දැම්මා. ඒ අභියෝග අපේ නිලධාරීන් භාරගත්තා. සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියක් ඉදිරියට ගෙනයන්න කැප වුණා. ඒ නිසා තමයි අපි දැක්කේ බන්ධනාගාර තදබදය වැඩිවෙන්න බලපාපු එක හේතුවක් නැවත නැවත බන්ධනාගාර ගත වීම. මේ නැවත නැවත බන්ධනාගාර ගතවන්නන්ගෙන් 50%ක් නැත්නම් 49%ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලින් බන්ධනාගාර ගත වන අය. ඒ නිසා අපි කල්පනා කලා මේ තත්වය අපි කොහොමද වෙනස් කරන්නේ කියා. අපි පළමු දේ හැටියට දැක්කේ පුනරුත්ථාපනය. බෞද්ධ දර්ශනය වගේ ම සියලු ආගම්වලට සමාන ගරු කරන කෙනෙක් වශයෙන් මට අවබෝධ වුණා හිත තමයි සියලු දේට ප්‍රධාන. ඒ නිසා මේ සිත කොහොමද වැරැද්දෙන් මුදවල හසුරුවන්නේ ඒ සිතේ ඇතිවන චෛතසිකයන් පාලනය කරන්නේ කොහොමද? ඒකට කවර උපායමාර්ග අපි අනුගමනය කරනව ද? කියන එක ගැන මනෝවිද්‍යාවන් ඇසුරු කරගනිමින් පසුගිය කාලේ පර්යේෂණාත්මක වැඩකොටසකට අත්තිවාරම දැම්මා. එකේ ජයග්‍රහණ අපි දහතුන් දහසකට ආසන්න මේ රජයට විරුද්ධ ව ආයුධ ගත්ත වෙන ම ආණ්ඩුවක් ඕන කියල සටන් කරපු විවිධ බිහිසුණු ක්‍රියාවලට සම්බන්ධ තරුණයෝ පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියේදීත් අනුගමනය කළා. ඒ ආයුධ ගත්තු තරුණයෝ දැන් සමාජගත වෙලා. 90%ක් වගේ සංඛ්‍යාවක් අධිකරණවලින් භාරදෙන අපි එහි පසුවිපරම් ක්‍රියාවලිය සාර්ථක ව ගෙන යනවා. අද අපට වාර්තාවෙලා තියෙන්නේ ගියපු කිසිවෙක් යළිත් වරදකට සම්බන්ධ වෙන්නේ නැති ව තමන්ගේ ජීවිතේ හැඩගස්සගෙන පවුල් සංස්ථාව දියුණු කරගන්න කැපවෙන බවයි. ඒ නිසා ඒ අත් දැකීම් ඔස්සේ අපි මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් අපේ පුනරුත්ථාපන ක්‍රියාවලිය පුළුල් කරමින් නව ප්රවේශයන් ගණනක් අත්හදා බලමින් ක්‍රියා කෙරුවා.
ස්වයං ශික්ෂණය අපි ගොඩනගා ගත යුතුයි. අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ මැතිවරණ ප්‍රකාශයේ දී කිව්වේ සෙනෙහෙවන්ත පවුලක් ගැන. පවුලක සෙනෙහෙවන්තකම මත්ද්‍රව්‍ය නිසා බිඳවැටෙන අයුරු ඕන තරම් කතාන්තර මේ රැඳවියන් ළඟ තියෙනවා. ඔවුන්ට මතක් වෙනවා බිරිඳ කොහොමද හැසිරෙන්නේ මගේ දරු පැටවුන් කොහොමද ඉගෙන ගන්නවද?, නැද්ද?, මේකට ආවට පස්සේ හිතන්න ගන්නවා. මේ දණ්ඩනය විඳින්නේ මේ අය නෙමෙයි. පවුලේ අය. සමහර පවුල් විසිරී යනවා හවුහරණක් නැතිව. ඒ නිසා අපි කල්පනා කෙරුවා අභ්‍යන්තරව මේ අය පුනරුත්ථාපනය කර සමාජගත කරනවා වගේම ඒ පවුල් ඒකක ශක්තිමක් කරන්න. ඒ නිසා අපි ඒකටත් වැඩපිළිවෙලක් ආරම්භ කෙරුවා. ඒ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන දැනට ලබා දීලා තිබෙනවා. මේ පුනරුත්ථාපනය ලබලා යහපත් හැසිරීමක් මත පුහුණුව ලබලා එළියට යන ඒ රැඳවියන්ට අපි ණය මුදලක් දෙනවා. උතුරේ තරුණයන්ටත් දුන්නා අවම පොලියක් 4%යි. දස අවුරුද්දකින් ආපසු ගෙවන්න. අපි මේ වසරේ 1000ක් ඒකට තෝරගෙන යනවා. ඒ වගේ ම වින්දිත පවුල්වලටත් ඒ සමාන සාධාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ක්‍රියා කරගෙන යනවා. ඒ වගේ ම අපි පසුවිපරම් ක්‍රියාවලිය ආරම්භ කළා. ඒ පසුවිපරම් ක්‍රියාවලියේ දී පොලීසිය විතරක් නෙමේ අපේ ළඟ ඉන්න දැනට උපාධිධාරී මනෝවිද්‍යාව හදාරපු අපරාධ විද්‍යාව කරපු සමාජ විද්‍යාව හදාරපු දක්ෂ අය. අපි ඒ අයගේ සම්බන්ධීකරණය ඇතිව ඒ ඒ ප්‍රදේශයේ සියලු ප්‍රධාන සිවිල් සංවිධාන පරිපාලන යාන්ත්‍රණය පොලීසිය මේ සියල්ල සම්බන්ධකරගෙන ඒ පවුල්වල තත්ත්වය යහපත් කරන්න මේ අයගේ ජීවන රටාව පිළිබඳව අත්දැකීම් ලබාගෙන මේ අයගේ ආර්ථිකය ශක්තිමක් කිරීමට අවශ්‍ය ව්‍යාපෘති සැලසුම් කරනවා. ඒ අයගේ චරිත ශෝධනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන්න ජාතික වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.
නමුත් එහෙම වැඩපිළිවෙළකින් පමණක් අපට මේ සමස්ත ජාතික ප්‍රශ්නෙට තනියම උත්තර හොයන්න බෑ. ඒ නිසා මම මේ වෙලාවෙ කියන්න කැමතියි මේ බන්ධනාගාරයේ ඉන්න අයගේ අධ්‍යාපන මට්ටම 60%ක් හෝ 64%ක් මූලික පුරවැසි දැනුම නෑ. ඒක එක ප්‍රශ්නයක්. ඒ වගේම ඊට වඩා වැඩි පිරිසක් කවමදාකවත් දහම් පාසලකට ගිහින් නෑ ඒ නිසා අපි මේ අභ්‍යන්තරයේ එක් එක් ආගමික වැඩසටහන් ඔස්සේ දහම් දැනුම දියුණු කරන්න අධ්‍යාත්මික ශක්තිය ගොඩනගන්න ඒ තුළින් ඒ අයගේ පෞර්ෂය ගොඩනගන්න වැඩසටහන් රාශියක් සැලසුම් කෙරුවා. අධ්‍යාත්මික ශක්තිය දියුණු කරන්න ඕන විවිධ ක්‍රම ඔස්සේ. අපි ආගමික භේදයෙන් තොරව දොරවල් විවෘත කරලා තියෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඇති කර ගැනීම සඳහා. මේ අයට කියන්න කැමතියි තමන් මේ විදින වේදනාව තමන්ගේ දරුවන් මේකට පුරුදු වුණොත් අපි මේ මත්ද්‍රව්‍යවලට එරෙහිව ජාතික ව්‍යාපාරයක් ඉස්සරහට නොගෙනිච්චොත් තමන්ගේ ඊළඟ පරම්පරාව මේකට ගොදුරුවෙන්න පුළුවන්.
මේ මත්ද්‍රව්‍යවලට පෙළඹවීමේ සාධකය හඳුනාගන්නේ නැතිව අපිට එකෙන් ඉවත් කරන්න බෑ. ප්‍රතිකාර ක්‍රම ඕන මේ ප්‍රතිකාර ක්‍රම ප්‍රධාන එකක්, ඒක අපට අවශ්‍යයි. මේ මත්ද්‍රව්‍ය භාවිත කරන එක තැනින් තැනට චරිතයෙන් චරිතයට වෙනස්. ඒ නිසා අපේ පුනරුත්ථාපන ක්‍රියාවලිය තැනින් තැනට වෙනස් වෙන්න ඕන. අපි මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා දැන් බන්ධනාගාර ගත කරන්නේ නැතිව කෙලින් ම යවනවා අධිකරණ මාර්ගයෙන් කන්දකාඩු මධ්‍යස්ථානයට. දැන් 850ක් පමණ එහි ඉන්නවා. විවිධ නාට්‍ය නර්තන කණ්ඩායම් පටන්ගෙන තිබෙනවා. මේ අයගේ තියෙන සහජ හැකියා වර්ධනය කිරීම තුළින් මොවුන්ගේ මනස වෙනස් වෙනවා. කලාව සෞන්දර්ය වින්දනය මේ සේර ම අපි මේක ඇතුළේ එකතුවෙන්න ඕන සංවේදී සාරධර්ම සහිත මිනිසෙකු සදන්න. දැන් බන්ධනාගාර තුළ වීදි නාට්‍ය කණ්ඩායම් හදලා ඒවා ගමට ගෙන ගොස් සමාජ විරෝධී මත්ද්‍රව්‍ය අනෙකුත් අපරාධ මේ සියල්ල පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා යොදවා ගන්නවා" යැයි ද ඔහු පැවසීය.
NDH