නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ෆැසිපික් තැපැල් විධායක රැස්වීමට රටවල් රැසක නියෝජිත පිරිසක්

    සැප්තැම්බර් 15, 2014
    ආසියානු ෆැසිපික් තැපැල් සංගමයේ විධායක රැස්වීම අද (15) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිත බවත් මේ සඳහා ආසියා ශාන්තිකර කලාපීය රටවල් 32ක් නියෝජනය කරමින් නියෝජිතවරුන් 150කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බවත් තැපැල්පති ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    ඒ අනුව සිව් වසරකට වරක් පැවැත්වෙන සංවත්සර මහා සභා රැස්වීමේ දී ගන්නා වූ තීන්දු තීරණ ආසියානු ෆැසිපික් තැපැල් සංගමයේ සෙසු විධායකවරුන් වෙත දැනුම් දීමත් තැපැල් කටයුතු සම්බන්ධයෙන් විවිධ තීන්දු තීරණ ගැනීමේත් අරමුණින් ආසියානු ෆැසිපික් තැපැල් සංගමයේ විධායක රැස්වීම වාර්ෂිකව පවත්වනු ලබයි. 
     
    පසුගිය ආසියානු ෆැසිපික් තැපැල් සංගමයේ විධායක රැස්වීම හොංකොං හිදී පැවැත්වූ අතර 2015 රැස්වීම් පකිස්තානයෙහි ද පැවැත්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya