නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම සංවත්සර සැමරුම් පා ගමන පන්නිපිටියේ සිට කොළඹට

    සැප්තැම්බර් 14, 2014

    සැප්තැම්බර් මස 17 වැනිදාට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 150 ජන්ම දින සංවත්සරය වෙනුවෙන් පාසල් සිසුන් 15,000ක් එක්වන පා ගමන අද (14) උදෑසන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ආරම්භ විය.


    අනගාරික ධර්මපාල තුමා බුද්ධ වර්ෂ 2408 දී හෙවත් 1864 සැප්තැම්බර් මස 17 වැනිදා කොළඹ ප්‍රධාන පන්තියේ බෞද්ධ පවුලක දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමන්ගේ ජ්‍යේෂ්ඨ පුත්‍රරත්නය ලෙස උපත ලබා තිබේ.

     

    පසුකලෙක ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිවිරෝධයක් නිර්මාණය කිරීමට එතුමා කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය.

     

    ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටී තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහාද්වීප තුනේ ම දේශනා කිරීමට මුල් වු පළමු බෞද්ධයා ද ඔහු වේ.


    ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙන යාමේ ප්‍රධාන චරිතයක් බවට පත් ව සිටියේය. එසේ ම ඔහු ලංකාව තුළ ඉස්පිරිතාල ද ඉන්දියාව තුළ පාසල් හා විහාර ද ඉදිකිරීමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයටද ඇතුළු විය​.


    පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ආරම්භ වූ මෙම අනුස්මරණ පා ගමන මහරගම ජනාධිපති විද්‍යාලය, විජේරාම හන්දිය ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ මාලිගාකන්ද ආනන්ද බාලිකා විද්‍යාලය දක්වා ගමන් කෙරිණි.

     

    SDF

    DSC 1343DSC 1371DSC 1476DSC 1360

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya