නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක්

    සැප්තැම්බර් 13, 2014
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ ලංකා 
    කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කර්මාන්ත හිමියන් සඳහා කළමනාකරණ පුහුණු වැඩසටහන් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙහිදී සුළු පරිමාණ කර්මාන්ත හිමියන් සඳහා අලෙවිකරණය, ගිණුම් තබාගැනීම, ව්‍යාපාරය සැලසුම්කරණය, මිලදී ගැනීම, තොග පාලනය පිරිවැය ගණනය පිළිබඳ දැනීමක් ලබා දෙනු ලැබේ. 
     
    මෙම වැඩසටහන නවීන වැඩිහිටි අධ්‍යපන ක්‍රමවේදයන්ගෙන් සමන්විත දේශන, ව්‍යාපාරික වීඩියෝ දර්ශන ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ව්‍යාපාරික ක්‍රීඩාවලින් සමන්විත වේ. 
     
    වැඩසටහනින් පසුව අන්තර්ජාතිකව පිළිගත් සහතිකයක් ලබා දෙනු ලැබේ.
     
    මෙම වැඩසටහන් සඳහා ‍තෝරගනු ලබන්නේ දැනට කොළඹ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කර්මාන්තයක් පවත්වාගෙන යන අය පමණි. වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයට ලිපියක් මගින් හෝ 0112815009 ,0173660033 යන දුරකතනවලට අමතා හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. පණිවිඩයක් එවීමෙන්  ලබා ගත හැකි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya