නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016ට ඉලක්ක කළ ජයග‍්‍රහණ මේ වන විටත් අප ලබා අවසන්

    සැප්තැම්බර් 12, 2014

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ මහින්ද චින්තන සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීමේ මූලික අභිප‍්‍රාය මුල්කරගෙන ගොවි ජනතාවට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබාදෙමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සියලු ක‍්‍රියාමාර්ග ගන්නා බවත් 2016 වන කෘෂිකර්මයෙන් ළඟා කර ගත යුතු යැයි ඉලක්ක කරගත් සංවර්ධනය මෙම අවස්ථාව වන විටත් ළඟා කර ගැනීම මහත් ආඩම්බරයෙන් සිහිපත් කළ යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේ වීවල සහතික මිල රුපියල් 9.00ක් 10.00ක් වූ අතර අතිගරු ජනාධිපතිතුමන් බලයට පත්වීමත් සමඟ එහි සහතික මිල රුපියල් 30.00ක් දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම හා පසුගිය කාලයේ ක‍්‍රියාත්මක නො වූ පොහොර සහනාධාරය කන්න 16ක් දිගට ම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ගොවි ජනතාව ලද සුවිශේෂී භාග්‍යයක් බව ඔහු කීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සඳුදා 2014 ජාතික ගොවිසතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පසුගිය දිනක ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී ප‍්‍රකාශයට පත් කළේ මේ සති අන්තයේ චීන ජනාධිපතිතුමන් ලංකාවට පැමිණ කෘෂිකර්මාන්තය සඳහා ණය ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරනුයේ කෘෂිකර්මාන්තය තුළ මෙතෙක් කිසිදු සංවර්ධනයක් සිදු නො වූ නිසා බවයි. එතුමා ප‍්‍රායෝගිකව ජනතාව සමඟ එක් ව වැඩකටයුතු කර නොමැති අතර ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි නිසා පොතපතින් ලද දැනුම පමණක් සතු වීමෙන් වැරදි ප‍්‍රචාරයන් කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

    රුපියල් කෝටි 33000ක ණය ගෙන අධිවේගී මාර්ග 04ක් සෑදීමට කටයුතු කිරීම විශාල මුදල් නාස්තියක් සිදුවන කටයුත්තක් බව විපක්ෂය කොතෙක් ප්‍රකාශ කළ ද මෙරට ඉදිකළ අධිවේගී මාර්ග තුළින් විශාල සංවර්ධනයක් මේ වන විටත් සිදු වී ඇති බව අප සියලු දෙනා දන්නා කරුණකි. එය පිළිගැනීමට අකමැති ඇතැම් පුද්ගලයන් රට තුළ ඇතිවන සංවර්ධනය විහිළුවකට ලක් කිරීමට උත්සාහ ගැනීම කනගාටුවට කරුණක් බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවේ අමාත්‍යතුමා සඳහන් කර සිටියේ, තෙලිජ්ජවිල කෘෂිකාර්මික පර්යේෂණ සංකීර්ණයේ සංවර්ධන කටයුතු සඳහා පසුගිය රජය කාලයේ මුදල් වෙන්කර නොතිබුණු අතර සේවකයන්ගේ වැටුප් ගෙවීමට පමණක් මුදල් වෙන්කර තිබුණු බවයි. අතිගරු ජනාධිපතිතුමන් බලයට පත්වීමත් සමඟ පළමු අය-වැය ලේඛනයෙන් රටේ සියලු ගොවිපොළවල් සංවර්ධනය කිරීමට මිලියන 780ක මුදලක් වෙන්කර දීම ගොවිජනතාවගේ යහපත වෙනුවෙන් කළ ප‍්‍රධානතම කර්තව්‍යකි. එම මුදල්වලින් අද මෙම ප‍්‍රදර්ශනය පැවැත්වෙන ගොවිපොළ තුළ ජල ගැටලුව විසඳීමට කටයුතු කළ අතර අනෙකුත් ගොවිපොළවල ජල ප්‍රශ්නය විසඳීමට කටයුතු ක‍්‍රියාත්මක කෙරිණි. කෘෂිකර්මාන්තය තුළ වෛරය, ක්‍රෝධය ආදී සිතුවිලි නොමැති අතර මැතිවරණයක දී පමණක් වාදභේද තබාගත යුතු බවත් රටේ සංවර්ධනය සියලු දෙනාගේ සාමූහිකත්වයෙන් සිදු කර යුතු බවත් ඒ සඳහා අවංකව ආශිර්වාද කිරීමට ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමදෙනාටම හැකියාව තිබිය යුතු බවත් අමාත්‍යතුමා ප‍්‍රකාශ කළේය.

    පසුගිය කාලයේ අතහැර දමා තිබූ මෙම ගොවිපොළේ අද වන විට දැවැන්ත සංවර්ධන පෙරළියක් සිදු ව ඇත. මාර්ග, ගොඩනැගිලි ඉදිකර ඒවා නවීකරණයට ලක්කිරීම තුළින් ගොවිජනතාවට සේවාවන් රැසක් ලබාදීමට හැකිවීම මේ මොහොතේ ආඩම්බරයෙන් සිහිපත් කළ හැකිය. ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් මේ වන විට පැවැත්වෙන අතර ඉදිරියේ දී මෙම ගොවිපොළ උද්‍යානයක් ලෙස සකස් කිරීමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාවට නැංවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් ඊට අමතරව සංවර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.  

    NDH

     

    DSC 0220

     

    DSC 0072

     

    DSC 0089

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya