මෑතකදී නැගෙනහිර පළාතේ හැඩ ඔයට ඔබ්බෙන් ලාහුගල මහ වන මැද නිලගිරි සෑ බිමේ කැනීම්වලදී මතුකරගත් සර්වඥ ධාතු හා අරහත් ධාතුන් පසුගිය 6දා සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයට වැඩම කළ අතර එම ධාතු ප්‍රදර්ශනය ඊයේ (08) බිනර පුන් පෝදා රාත්‍රී 10 දක්වා පැවැත්විණි.
අති දුෂ්කර ගමන් මගක පිහිටි නීලගිරි සෑ රඳුන් වන්දනා මාන කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත නීලගිරි සෑයේ වැඩ විසූ සර්වඥ ධාතුන් ඇතුළු අරහත් ධාතූන් සේරුවාවිල රාජමහා විහාරස්ථානයට වැඩම කිරීමෙන් පසු එම ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට ඉඩකඩ සැලසීම ශතවර්ෂ දහස් ගණනකට පසු බැතිමතුන්ට ලද දුර්ලභ අවස්ථාවක් සේ සැලකේ.
මහමෙවුනා අසපු අධිපති කිරිබත්ගොඩ ඥානානන්ද මහ හිමිපාණන්ගේ සංවිධායකත්වයෙන් සේරුවාවිල රාජමහා විහාරධිපති සේරුවාවිල සරණ කීර්ති හිමිපාණන්ගේ අනුග්‍රහකත්වයෙන් මෙම ධාතු ප්‍රදර්ශනය සංවිධානය කොට තිබුණි.
පසුගිය සෙනසුරාදා එම ධාතු ප්‍රදර්ශනය ආරම්භ සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
සේරුවාවිල දක්වා යහපත් මාර්ග පද්ධතිය ඇතුළු පොදු පහසුකම් සංවර්ධනය මෙසේ දස දහස් සංඛ්‍යාත බැතිමතුන් සේරුවාවිල වැනි දුරබැහැරක පිහිටි පිං බිමක සධාතුක ප්‍රදර්ශනයක් නැරඹීමට මෙතරම් ජනතාවක් පැමිණීමට මූලික හේතුව යැයි එහි පැමිණ සිටි බැතිමත්හු පැවසූහ.
DB