අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාල දිවයින් රජයේ නිවාස හා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරිය අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය. මෙම හමුව පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන මහලේ පිහිටි නිවාස අමාත්‍යාංශයේ දී සිදුවිය.
ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තාක්ෂණය හා එම තාක්ෂණික ඥාණය මාල දිවයින් වෙත ලබාදීම සඳහා කටයුතු කරන ලෙසට නියෝජ්‍ය අමාත්‍ය අමිතාන් අතීෆා මහත්මිය කරන ලද ඉල්ලීමකට අනුව එම තාක්ෂණය හා තාක්ෂණික ඥානය මාලදිවයිනට ලබාදීමට හැකි බව විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි පැවසීය.
ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුව සම්බන්ධව ද සාකච්ඡාවට ලක් කෙරුණු අතර එම ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍යවරියගේ පැසසුමට ලක්විය.
ශ්‍රී ලංකාවේ ජනසෙවණ වැඩසටහන අධ්‍යනය කොට එම වැඩසටහන තම රට තුළ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු මාල දිවයින් තුළ ආයෝජනය කර තිබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවද අමිතාන් අතීෆා මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශවල සිදුවන සංවර්ධනය පිළිබඳ ව සාකච්ඡා කිරීම හා සිය අමාත්‍යාංශය යටතේ සිදුකෙරෙන වැඩසටහන් අගය කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී නියෝජ්‍ය ඇමතිනියට සිය ස්තූතිය පළ කළේය.
රජයේ මැදිහත්වීමෙන් නොමිලේ තාක්ෂණික උපදෙස් ඇතුළු සියලු යටිතල පහසුකම් ලබාදෙමින්, නිවාස ණය හා ආධාර ලබාදෙමින්, ජන සහභාගීත්වයෙන් සිදු කෙරෙන නිවාස වැඩසටහන්වලදී ලෝකයේ රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සැකසූ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත මේ වන විටත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන බවත් එම පනත තුළින් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට විදේශීය රටවල අවස්ථාවන් වැඩි වශයෙන් ලබාගැනීමට හැකියාව ලැබෙන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී මාලදිවයින රජයේ නිවාස හා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරියට පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා මහතා ද සහභාගී විය.