නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි සම්බන්ධතා ලබාගැනීමේ සහන ණය වැඩසටහන ඇරඹේ

    සැප්තැම්බර් 04, 2014
    ග්‍රාමීය අඩු ආදායම්ලාභි ජනතාවගේ නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාගැනීමේ ණය ආධාර වැඩසටහන අද (03) රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
     
    විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති මෙම සමාරම්භක අවස්ථාවේදී, අඩු ආදායම්ලාභි නිවාස හිමියන් 1300කට පමණ ණය ලබාදීම සිදුකරන ලදී. 
     
    අඩු ආදායම්ලාභී ග්‍රාමීය පවුල් නඟාසිටුවීමේ මහින්ද චින්තන ඉදිරි දැක්මට සමගාමීව, ඔවුන්ගේ නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාදීම වෙනුවෙන්, මෙවැනි සහන ණය ආධාර  ක්‍රමයක් හඳුන්වාදීමට රජය පියවර ගැනිණ. මෙම සහන ණය මුදල, නිවාස අභ්‍යන්තරයේ විදුලි රැහැන් සැකසීම (වයරින් කිරීම) සහ විදුලි සබඳතාව ලබාගැනීම වෙනුවෙන් වන වැයකිරිම් සඳහා ලබාදේ.
     
    විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මගපෙන්වීම මත, ලංකා විදුලිබල මණ්ඩලය ව්‍යාපෘතිය දියත් කරනු ලැබේ. මේ යටතේ එක් පවුලක් සඳහා රු.40,000.00 උපරිමයකට යටත්ව, ණය මුදල පිරිනැමෙන අතර එය වසර 6 ක් ඇතුළත කොටස් වශයෙන්  විදුලිබිල සමග ගෙවා නිමකිරීමට අවස්ථාව හිමිවේ. ‍
     
    හම්බන්තොට, අම්පාර හා රත්නපුර දිස්ත්‍රික්කවල විදුලිය නොමැති අඩු ආදායම්ලාභී  ග්‍රාමීය පවුල් සඳහා ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක වේ. මෙම සහන ණය යෝජනා ක්‍රමය යටතේ දිවයිනේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 47,000 කට පමණ ණය ලබාදීමට අපේක්ෂිතය. 
     
    සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, 2014 වසර ඇතුළත දිවයිනේ සියලු නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාදීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම මත මෙම සහන ණය ක්‍රමය ආරම්භ කළ බවයි. 
     
    විදුලිබලය මානව හිමිකමක් ලෙස සලකා, සියලු දෙනාට විදුලිය ලබාදීම රාජය ප්‍රතිපත්තිය කරගත් එකම රජය, වත්මන් රජය බවද, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය. 
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, සබරගමුව පළාත් සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති මහාචාර්ය කපිල පෙරේරා, සාමාන්‍යාධිකාරි ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතවරු ද සහභාගී වූහ.  
     
    DB
     
    IMG 3015

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya