නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව ග්‍රාමීය විදුලිබල ගැටලු විසඳීමට කඩිනම් පියවර

    සැප්තැම්බර් 01, 2014
    ඌව පළාතට අයත් මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ග්‍රාමීය විදුලිබල ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
     
    අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි  නීති ක්‍රියාමාර්ග ද ගන්නා බවය.
     
    අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ පසුගිය දා මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඇතිමලේ ප්‍රදේශයේ ග්‍රාමීය විදුලි ගැටලු සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත හදිසියේ ඇතිමලේ ප්‍රදේශයට ගිය අමාත්‍ය වන්නිආරච්චි මහත්මිය ඇතිමලේ නගර ප්‍රජා ශාලාවේදී ප්‍රදේශයේ ජනතාව හමුවී විදුලි ගැටලු පිළිබඳ ව පුළුල්ව සාකච්ඡා කළාය.
     
    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ, එළඹෙන මැතිවරණය තීරණාත්මක එකක් වන බවය. 
     
    එහිදී ඌව වෙල්ලස්ස ජනතාවට ජාතික වගකීමක් පැවරී ඇති බවත්, ඊට එදා මෙන් ම අද දවසේ ද එකට පෙළ ගැසෙන ලෙසත් අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. ඌව පළාත් සභා මැතිවරණය මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන බවත් එය විජයග්‍රහණය කිරීම ජනතාවගේ යුතුකම වන බවත් ඇය පැවසුවාය. 
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා යුද්ධය අවසන් කරන්න ගෙනා අය-වැයට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සහය නො දී මගහැර සිටි බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
     
    "මේ ප්‍රදේශය නිරන්තරයෙන් යුද්ධයට මුහුණ දුන්නා. ඒ අමිහිරි අත්දැකීම යළි අප වෙත ළඟාවෙන්න, අතිගරු ජනාධිපතිතුමා ඉඩ තියන්නේ නැහැ. එදා ජනතාව හඬනඟා ප්‍රකාශ කළේ යුද්ධය නිමාකර දෙන්න කියලා. ඒ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමා ඉටුකළා. තමන්ගේ පවුල ගැන, සහෝදර සහෝදරියො ගැන හිතන්නේ නැතිව, එදා ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරන්න දැඩි තීරණයක් ගත්තා".
     
    "දැන් අපි ලෝකයේ ම වාසනාවන්ත ජාතිය බවට පත් වී තිබෙනවා. දසක තුනක් අපි වින්ඳ වේදනාව කාටවත් අමතක කරන්න බැහැ. රටේ සංවර්ධනයක් ගැන හිතන්නවත් කාලයක් තිබුණේ නැහැ. රටම භීතියෙන් ඇළලී ගියා. අද රටේ මාර්ග පද්ධතිය, විදුලිය, පානීය ජලය, අධ්‍යාපනය මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා වෙනසක් සිදුවෙලා තියෙනවා. රටට ආයෝජන ගලාගෙන එනවා. ශ්‍රී ලංකාව අද සංචාරකයින්ගේ නිදහස් දේශය බවට පත්වෙලා. මේවා අපට හීනයක් වගේ. අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ ඉදිවෙනවා. දැන් අපට අනාගතය පිළිබඳ ව බලාපොරොත්තුවක් තියෙනවා" යැයිද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
     
    මෙම අවස්ථාවට ජාතික සම්පත් පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් මෙන් ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya