නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිකිල්ලගස්කඩ ලංකා සතොස වෙළඳසැල යළි විවෘත කිරීමට පියවර

    සැප්තැම්බර් 01, 2014
    රිකිල්ලගස්කඩ ලංකා සතොස වෙළඳසැල යළි විවෘත කිරීමට නුවරඑළිය දිස්ති‍්‍රක් නායක හා පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පියවර ගනියි.
     

    වසර ගණනාවක සිට ස්ථාපිත කර ඇති රිකිල්ලගස්කඩ ලංකා සතොස වෙළඳසැල පිහිටි ගොඩනැගිල්ල සඳහා වන බදු කුලී කාලය ඊයේ (31)‍ අවසන් වීමට නියමිතව තිබුණි. මේ හේතුවෙන් මෙම ශාඛාව එදින සිට වසා දැමීමට අදාළ නිලධාරීන් තීරණය කෙරිණ.


    මේ සම්බන්ධයෙන් රිකිල්ලගස්කඩ පාරිභෝගික ජනතාව හා සතොස කාර්යමණ්ඩලය අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ අවධානයට යොමු කිරීමෙන් පසු අමාත්‍යවරයා මෙම පියවර ගනු ලැබීය.


    ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ උපදේශක නිහාල් පේ‍්‍රමසිංහ මහතා හා සතොස සභාපති නලීන් ප‍්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවෙන් පසු රිකිල්ලගස්කඩ ලංකා සතොස වෙළඳසැල වෙනත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට තීරණය කරන ලදී. මෙහිදී සුදුසු ගොඩනැගිල්ලක් භාවිත කරන ලෙසට සතොස සභාපතිවරයා විසින් එහි ප‍්‍රධාන ඉංජිනේරුවරයාට හා ප‍්‍රාදේශීය කළමනාකරුට උපදෙස් ලබාදෙනු ලැබීය. මේ සඳහා සුදුසු ගොඩනැගිලි කිහිපයක් අමාත්‍යාංශ උපදේශකවරයා විසින් අදාළ නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya