නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගර 45ක් සඳහා සැකසූ නගර සැලසුම් පිළිගැන්වීම හෙට

    අගෝස්තු 31, 2014

    කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තෝරාගත් නගර 45ක් සඳහා සැකසුණු නගර සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්වීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) පස්වරු 2.00ට බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර (නව) ගොඩනැගිල්ලේ 11 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී  සිදුකෙරේ.

     

    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක පමණ ප්‍රතිශතයක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශ තුළය. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමේදී මෙම ග්‍රාමීය ප්‍රදේශ වැඩි දායකත්වයක් සපයයි. එම දායකත්වය කාර්යක්ෂම හා ඵලදායී ලෙස  යොදවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සේවා මධ්‍යස්ථානවලට සැලසුම් සකස් කිරීම විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මඟපෙන්වීම මත ජාතික  භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි. එම කාර්යය නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ පැවරී ඇත්තේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙතය.

     

    ඉතිහාසයේ සිට ම ශ්‍රී ලංකාවේ සැලසුම්ගත නගර හා ග්‍රාම නිර්මාණය කර තිබේ.  වර්තමානයේදීද එවැනි සැලසුම් සහගත නගර හා ග්‍රාම නිර්මාණය කිරීම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සිදුකරයි. ඒ අනුව කුඩා නරග සේවා මධ්‍යස්ථාන 45ක් සඳහා සැලසුම් නිර්මාණය කර එවා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර නීතිමය භාවයක් ලබාදෙමින් ආයෝජකයින් ඇතුළු  සැමගේ නෙත් යොමු කෙරෙන අයුරින් මෙම කුඩා නගර සේවා  මධ්‍යස්ථාන සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්වීම මෙදින සිදුකෙරේ.

     

    පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.එස්. රණවක යන මහත්වරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නිලධාරී මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම  අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya